
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්තර උත්සවය බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී හෙට (20) පෙරවරු 9ට පැවැත්වේ.
පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සර උත්සවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලුම පක්ෂ වලට ආරාධනා කර තිබෙන බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
" ඔබේ මතය දරන්න" ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න " එකට සිටගමු" යන තේමාව මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය මෙවර සංවත්සරය සමරනු ලබයි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසූයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර සියලු බලමුළු එකට එක්වන තෝතැන්නක් ලෙස මෙවර එජාප සංවත්සර සැමරුම හඳුන්වා දිය හැකි බවයි.
ජාති ආගම් කිසිදු භේදයක් නොසලකා සියලු දෙනා එක් කරන පක්ෂයක් ලෙස එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ඇරැඹූ එක්සත් ජාතික පක්ෂය අදත් සියලු පාර්ශව එක් කරන " මහ ගෙදරක්" බවට පත්වීම සුවිශේෂී කාරණයක් වන්නේ යැයිද රුවන් විජයවර්ධන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවය නපුරුයි. බලාගෙනයි!
80 වැනි සංවත්සරය සමරන්න වෙන්නේ ජාතික රෝහලේ
79 න් බාගයක්ම නායක රනිල් ඊළග නායක ඒ පවුලෙන් ද ?හිටපු ජනාධිපති ප්‍රේමදාස පවුලෙන් ද... පොහොට්ටු / එජාප පවුල් ගස්......
ගෝල් ෆේස් එකේ හිටිය ජනතාව ඉවත් වනවා කියද්දීත්. පන්න පන්න ගැස්සවීමට තරම් ලොක්කා ප්‍රජාතන්ත්‍රවාදී වුනා
අවුරුදු 403 කට පෙර ඉංග්‍රිසි සහ ස්පාඤ්ඤ අය ලංකාවේ සියලුම දේ හොරකම් කළා.... පසුව එජාප ආණ්ඩුව හොරකම් කර ලංකාව විනාශ කළා
අපිට කියන්නකෝ බලන්න අද රටේ එජාපයක් කියලා පක්ෂයක් තියෙනවද? අඩුගානේ පාර්ලිමේන්තුවේවත් එකම හරි නියෝජිත යේක් වත් ඉන්නවද ??? ඔය රනිල් එජාපය පොළොවටම සමතලා කරලාම දැම්මා. අනේද කියන්නේ.අද යුඑන්පි කාරයෙක් අපේ ගමකවත් හොයගන්න නැහැ.
සංවත්සර දිනය වෙනුවෙන් මගේ සුබ පැතුම්
එජාපයට ගිය කල .අයියෝ සංසාරේ
79 යි වයස දැන් කෙලින් හිටගන්නවත් බැහැ
අපො නෑ. චීන මිත්‍යා මත අනුව "අංක 9 " චීන ජාතිකයන් දෙවත්වයෙන් සලකන උසස්ම අංක යයි. විදේශ රටවල ජීවත්වන චීන ජනතාව පවා සිය වාහන අංක තහඩු සදහා බහුල වශයෙන් අංක 9 සහිත තහඩු ඉල්ලා සිටිනවා. බයියන් දෙසා බාන වැදි බණ වලට කන් නෙ දෙන්න ...