(නිමල කොඩිතුවක්කු)
පසුගිය ජනාධිපතිවරණයේදී සිදුවූ පසුබෑම සහ ඉදිරි මහමැතිවරණයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සමාලෝචනයක් සහ සාකච්ඡා මාලාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (27) පැවැත්විණි.
සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවමින් ඉදිරියේදි දිගින් දිගටම මෙම සමාලෝචන කටයුතු සිදුකරන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
ඒ අනුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(28) පෙරවරුවේ තවත් හමුවක් කැඳවා ඇතැයිද ඔහු සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණයේ දී සිදුවූ පසුබෑම සහ ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කරවිම සම්බන්ධයෙන් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමුවූ බවත් ඔහු සඳහන් කළේය. පක්ෂ නායකත්වය සහ විපක්ෂනායකත්වය ඇතුළු තනතුරු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා නොවු බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායන නවීන් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේ ඉදිරි සතිය තුළ පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙනු ඇති බවයි.
ඒ අනුව සජිත් පේ‍්‍රමදාස මහතාට පක්ෂ නායකත්වය සහ විපක්ෂනායක ධුරය ලැබිය යුතුයි යන ස්ථාවරයේ තමන් ඇතුළු පිරිසක් සිටින බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රාජපක්ෂ කඳවුරේ ඔළුව ගහගන්න සජිත්ට බැහැ. ජනාධිපතිවරණයේ කතා මෝඩ කතා කලේ... ඒ නිසා ඉවසීමෙන් නායකතුමා එක්ක මහමැතිවරණයට ගිහින් දිනාගන්න.
සජිත් පේ‍්‍රමදාස මහතාට පක්ෂ නායකත්වය සහ විපක්ෂනායක ධුරය ලැබිය යුතුයි යන ස්ථාවරයේ කිහිප දෙනෙකු සිතා සිටියත් බහුතරයක් සිටින්නේ සෑම මැතිවරණයකින්ම තම ආසනය දිනාගත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක රනිල්ට පසුව සිටින සුදුසුම පුද්ගලයා බවයි...
එදා මෛත්‍රීව කොන්ද පණනැති කෙනෙක් ඉදිරිපත් කරපු වෙලේ. සජිත්ව ඉදිරිපත් කෙරුවා නම් අද මේ තත්වේ නොවෙයි තියෙන්නේ..., හරියට කොහාවගේ වැඩ කරන්නේ. යනඑන මන් නැති අයට තමන්ගේ කුඩුවේ බිත්තර දමලා පැටව් ගස්සන්න වැඩ කරලා... දැන් කාටවත් දොස් කියලා වැඩක් නැහැ. කට පණ ඇති, බුද්ධිමත් තරුණ මන්ත්‍රීන්ට වැඩ කරන හැටි කියලා දෙන්න. අවංක වෙන්න හොරු අල්ලනවා කියලා, හොරාට කඩේ යන්නේ නැහැ... පරදින්න ප්‍රධාන හේතුවත් එකයි.. ජාතින් කීපයක් ඉන්න රටක්..., වැරැද්ද කෙරුවොත් ප්‍රසිද්ධියේ පෙන්නුම් කරන්න. නායකයා ගජ මිත්‍රයා කියලා වැරදි හංගන්න එපා.... පරදින්නේ ඒකයි, පක්ෂයක් වුණාට බාරගන්නේ රටක් මිසක් ළදරු පාසලක් නෙමෙයි... මෛත්‍රීවත් ලංකරගෙන, කිසිම දෙයක් නොදන්නා ළදරුවන් වගේ වැඩ කෙරුවේ, මෛත්‍රී වැඩකෙරුවේ රට දිනවන්න නෙමේ.. පක්ෂය දිනවන්න එයාගේ, මෙවැනි දෙපත් නයි ආශ්‍රය නොකරන්න..
නැතුව වෙන කොහේ රැස්වෙන්නද?