
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය වැටුණු හැම අවස්ථාවකම රට කඩා වැටුණු බවත් නැවත එක්සත් ජාතික පක්ෂය නැගිටින වෙලාව උදාවී තිබෙන බැවින් රටට ද හොඳ කාලයක් උදාවනු ඇතැයි එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සර සැමරුම අමතමින් පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පක්ෂය මෙන්ම රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන බවද එජාප මහ ලේකම්වරයා කීය.
එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සරය ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් චාම් හා අභිමානවත් අයුරින් අද (06) පෙරවරුවේ සිරිකොත මන්දිරියේදී පැවැත්විණි. 77 වන සංවත්සරය සමරමින් එක්සත් ජාතික පක්ෂය ඩිජිටල්කරණයට ලක් කිරීම ද එහිදී සිදු කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ "2048 ජයගමු" සංකල්පය අනුව යමින් ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ ඉතිහාසයේ පළමුවරට දේශපාලන පක්ෂයක කටයුතු ඩිජිටල්කරණයට ලක් කෙරුණු අවස්ථාව මෙය බව එක්සත් ජාතික පක්ෂ පවසයි.
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින පාක්ෂිකයන් දේශපාලන නායකයින් සහ සිරිකොත පක්ෂ මූලස්ථානය නවීන ක්‍රමවේද ඔස්සේ සම්බන්ධීකරණය කරමින් අදහස් හුවමාරු කර ගැනීමටද මේ අනුව අවස්ථාව උදා වේ.
පක්ෂයේ දිවංගත නායකයින් පිළිරූ වලට පුෂ්පෝපහාර දැක්වීම ද මෙහිදී සිදු කෙරිණි. සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේබණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, උපනායක අකිල විරාජ් කාරියවසම්,උප සභාපති සුනේත්‍රා රණසිංහ,හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න මහත්වරු දිවංගත නායකයන්ගේ පිළිරූ වලට පුෂ්පෝපහාර දැක්වූහ.
ඡායාරූප රුෂිරු කොළඹතන්ත්‍රිගේ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව විසින් වලපල්ලට යවා තිබූ එජාපය..., පොහොට්ටුවේ වරදින් යළි නැගී සිටි දා සිට රටම මරණ මංචකයට ඇද වැටෙමින් සිටිනවා.
නැගිට්ටවන්න එන්නේ මරු සෙට් එක... සමහරුන්ට ගාලු දිස්ත්‍රික්කයෙන් ඡන්ද 5000ක් ගන්න බැහැ. අපි කොණ්ඩෙ බැඳපු චීන්නු කියලා හිතුවද?
හිනා හිනා හතර හිනා, හැරමිටි ඕනෑ නම් කියන්න...!
මොවුන් සෙටි එක දකින කොටත් වමනෙට එනවා.
පක තමයි
බලය ඉල්ලන්නේ තවත් වටයකින් වැටුපින් අයකරන බදු ඉහළ දමා රජයේ ආදායම වැඩිකර ගැනීමටයි. තවතවත් ණය අරගෙන ලෝකෙට ලංකාව වාර්තාගත ණයකාරයෙක් කරන එක වැඩි ඈතක නොවේ.
එජාපය බංකොළොත් වෙන කොට රටත් බංකොළොත් වෙනවා. ඒකයි රටට වුනේ...
දෙකොනින්ම හිනා යනවා. පොහොට්ටුකාරයින්ට යනඑනමන් නැති වුණු නිසා පින් ජනාධිපති කෙනෙක් ලැබුණා.
වැරදිලාවත් වැඩිවෙන්න එපා