IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


එජාපය දැන් බිඳ වැටුණ පක්ෂයක් - බිමල්

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

එක්සත් ජාතික පක්ෂය දැන් සම්පූර්ණයෙන් බිඳ වැටුණ පක්ෂයක් බවත් එම පක්ෂයේ ඇමැතිවරුන්ට දැන් හම්බකරන් කන එක ඇරෙන්න පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවටවත් එන්න වුවමනාවක් නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පුණ්ඩලුඔයේදී අද (31) පැවසීය.

 “තවත් ජනාධිපතිවරණයක් එපා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු” යන මැයෙන් පූණ්ඩලුඔය නගරයේදී අද පැවති උද්ඝෝෂණයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

 ‘‘ජනතා විමුක්ති පෙරමුණ විදිහට රනිල්, මෛත්‍රීපාල ගෙනාපු සෑම අය- වැය කටම විරුද්ධව ඡන්දය ලබා දී තිබෙනවා. දෙවන වර කියවන අවස්ථාවේදී අය- වැය පරාජයට පත් කිරීමට බැරි වුණේ මහින්ද මහතාගේ පිලෙන් මෛත්‍රීපාල මහතාගේ පිළට සම්බන්ධ වෙලා ඉන්න මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඡන්දේ දෙන්න පාර්ලිමේන්තුවට ආවේ නැති නිසා එක්සත් ජාතික පක්ෂය‍ට අය වැය ජයග්‍රහණය කරන්න පුලුවන් වුණා.

විෂයන් පරාජය වීම ගැන ගත්තොත් එක්සත් ජාතික පක්ෂය දැන් සම්පූර්ණයෙන්ම බිඳ වැටුණ පක්ෂයක්. ඒ අයගේ ඇමතිවරුන්ට හම්බ කරන් කන එක ඇරෙන්න අඩු ගානේ තමන්ගේ පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවට එන්න උවමානාවක් නෑ.

ඒ නිසා තමයි අමාත්‍යාංශ දෙකක විෂයන් 02ක පැරදුණේ.

5 වැනිදා අය- වැයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද‍ හය අය වැය පරාජය කරන්න ඡන්දය දෙනවා. මේකේ තීන්දුව එන්නේ විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කණ්ඩායම ගන්න තීන්දුව මත.

අය- වැය පැරදුණොත් ඔය විෂයන් දෙක විතරක් නොවෙයි සියලුම විෂයන් පරදිනව. එසේ නැතිනම් ආණ්ඩුව ජයග්‍රහණය කළොත් ආණ්ඩුවට වගකීමක් එනවා නැවත කැබිනට් මණ්ඩලයට ගිහින් පැරදුණ විෂයන් දෙක නැවත කැබිනට් මණ්ඩලයේ සම්මත කරගෙන යලිත් පාර්ලිමේනතුවට ගෙනත් සම්මත කරගන්න.

ඒ නිසා යම් කිසි ආකාරයක පීඩනයක් විශේෂයෙන් පළාත් පාලන ආයතනවල සේවකයින්ට එන්න පුලුවන්. පළාත් පාලන ආයතනවල කටයුතු වලටත් ඒකේ යම් කිසි ආකාරයක බලපෑමක් එන්න පුලුවන්. ආණ්ඩුව අය - වැය තුන්වෙනි වර  දින ඉවර වෙලා දින්නට පසුව අලුත් සංශෝධනයක් ගෙනාවේ නැත්නම් වෙන අර්බුදයක් එන්න පුලුවන්.”

 

 



අදහස් (0)

එජාපය දැන් බිඳ වැටුණ පක්ෂයක් - බිමල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site