(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වාරියපොල දීගිතව ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්‍යාලයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාරියපොල පොලිසිය කියයි.
ප්‍රහාරය හේතුවෙන් එහි තිබූ වත්මන් ජනපති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව සහිත බැනරයකට සුළු හානි සිදුව ඇත.
වාරියපොල මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධනුෂ්ක බාලසූරිය මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් මෙම සිද්ධියට සම්බන්ධ බවයි.
ඔවුන් ඊයේ දහවල් එම කාර්‍යාලයට පැමිණ එය ඉවත් කරගන්නා ලෙසට තර්ජනය කළ බවද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ 83 නොවෙයි...ඕවා අදට වලංගු නැහැ... යල් පැනගිය ක්‍රමවේද ...පරාජය ඉවසන්න බැරි වුනාම එදත් (මාමා) කෙරුවේ ඔය දේමයි ..
හොරාට කලින් කෙහෙල් කැන වැට පැනල නැහැ හොඳේ .
මේ රටේ මිනිස්සු දැන් ඕවාට අහුවෙන්නේ නැහැ. කවුද ඔය චිත්‍රපටයේ තිර රචනය ?රන්ගේද...? ඔව් ඔව් මිනිහා ඕවාට දක්ෂයා.එකපාරක් ඒ කාලේ ඔයවගේ නාට්ටියක් හදලා රඟපානකොට ද මු දසනායක ( දැන් ජිවතුන් අතර නැහැ ) ඇවිල්ලා මදි නොකියන්න නෙළුවා ඔය රංගේ බණ්ඩා කියන අධ්‍යක්ෂකයාට.
ඡන්දෙටත් ඉස්සෙල්ලාම දෙන්න පටන් අරන් වගේ....!