( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් ලබා දීම කොළඹ දිසා අධිකරණය විසින් අද (22) ප්‍රතික්ෂේප කළේය.
අදාළ පැමිණිල්ලෙන් ඉල්ලා සිටින වාරණය නිකුත් කරනවාද නැත්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය මේ බව දැනුම් දුන්නාය.
සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ , එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් , උපනායක රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කෙරිණි.
පැමිණිලිකාර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඩ් මහතා පෙනී සිටියේය.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රෝලන්ඩ් පෙරේරා මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම උත්සාහයන් අසාර්ථකයිනෙ. කොරෝනා බාවිතා කර යෙදූ උපක්‍රමයන්ද අසාර්ථකයි. අපරාදේ කාලය.... අන්තිමට යම් ප්‍රෞඩත්වයක් තිබූ මහ ගෙදරත් නැති කර ගත්තා.
එ.ජා.ප ය දෙකඩ වීමෙන් වාසිය පොට්ටුවට එන නිසා මේ වෙලාවෙ එකතුවීමට ඉඩ දෙන්නෑ.
ජයවේවා. එක්සත් ජාතික පක්ෂය ගිගුකල් දිනේවා.!
ඇද්ද ඔයාලට?
අලුත් පක්ෂයක් හැදුවා නම් පරණ පක්ෂයේ එල්ලිලා එන්න ඕනේ නැහැනේ.
සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකුගෙන් තිබුණා වූ සාමාජිකත්වය පිළිබඳ සැකය අධිකරණය විසින් නිසැකවම සැකයක් තබා නොව සත්‍ය වශයෙන්ම ඔවුන් මේවනවිට එක්සත් ජාතික පක්ෂයේ නොවන බව ඔවුන්ට පැහැදිලිවම තහවුරු කර දී ඇත. මෙවැනි පැහැදිලි කරදීමක් සමගි ජනබලවේගයේ මහලේකම් ඇතුළු සමගි ජනබලවේගයේ සියලුදෙනාහට ලබාදීමෙන් මොවුන් දැන්වත් සත්‍ය අවබෝධ වනු ඇත. එක්සත් ජාතික පක්ෂය මුලා කිරීමට ගත් උත්සාහය මෙයින් අවසන් විය...