IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එජාප නායකයෝ පක්ෂ උපන්දිනේට පෙර සිද්ධස්ථාන වලට යති

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් එජාප නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව ආගමික වතාවත් ආගමික සිද්ධස්ථාන කිහිපයක් මුල්කරගනිමින් අද(4) පැවැත්විණි.

කොල්ලුපිටිය වාලුකා රාමය,කොච්චිකඩේ ශිවම් කෝවිල ,කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය,කොළඹ දවටගහ පල්ලිය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මෙම ආගමික වතාවත් පැවැත්විණි.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ,සභාපති වජිර අබේවර්ධන,ජාතික සංවිධායක සාගල රත්නායක ,මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර,උප නායක අකිල විරාජ් කාරියවසම්, ලක්වනිත සභාපතිනී ශාන්තිනී කෝන්ගහගේ මහත්ම මහත්මීහු ප්‍රමුඛ එජාප නායකයයෝ මෙම අවස්ථාවන්ට සහභාගී වූහ.

එක්සත් ජාතික පක්ෂය නායකයන් මුලින්ම කොල්ලුපිටිය වාලුකාරාමයට පැමිණ බෞද්ධ ආගමික වතාවත් සිදු කළහ.

වාලුකාරාමාධිපති කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය මහරගම නන්ද නාහිමියන්ද විහාරාධිකාරී උඩවෙල කෝලිත හිමියන් ද එහිදී එජාප නායකයන්ට ආශිර්වාද කළහ.

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය සැප්තැම්බර් 6 වෙනිදාට යෙදී ඇත.

(ඡායාරූප:- ළහිරු හර්ෂණ)

 



අදහස් (9)

එජාප නායකයෝ පක්ෂ උපන්දිනේට පෙර සිද්ධස්ථාන වලට යති

පිටිගල මිලානෝ Sunday, 04 September 2022 02:22 PM

අනේ අම්මෝ ආයෙත් නම් මැරෙනකන් මේ ගෝත්‍රිකයින් ඉන්න රටට එන්නේ නැහැ.. ඉතාලියට වෙලාම ඉන්නවා.

:       1       7

ප්‍රණාමය..! Sunday, 04 September 2022 03:32 PM

ඉතාම විශිෂ්ට තීරණයක් සීතා මැතිණියනි, ගරු ගෝඨාභය මැතිතුමා බලයට පත් කිරීම අද හැමෝගෙම බලාපොරොත්තුවයි.

:       2       4

Bamunuarachchi Sunday, 04 September 2022 04:52 PM

ඉස්සෙල්ලාම දෙවටගහ පල්ලියට යන්න ඒගොල්ලන්ගෙන් තමයි උදව් ගන්න වෙන්නේ. සිංහලයෝ කෑලි කෑලි වලට කැඩිලා.

:       2       4

BamunuarachchiMonday, 05 September 2022 06:15 AM

බලයේ ඉන්න කාලේ හම්බයින් අල්ලගෙන සිටි බෞද්ධ සිද්ධස්ථාන ඉඩම් ටික බේරාදෙන්න බැරි වුණා. භික්ෂුවකගේ ආදාහනය එම පන්සලේ කර ගැනීමට බැරි විදිහට දෙමල්ලු බලවත් වෙලා සිටියා. දැන් මල්වට්ටි අරගෙන පන්සල් යනවා. මහින්ද මහතාට පින්සිද්ද වෙන්න ඒවා බේරා ගත්තා. අපි නොදන්න ඔයාලා.

:       0       1

විපරමා Sunday, 04 September 2022 06:28 PM

කොයි දේශපාලුවෝත් මුලදී නම් ඔහොම තමයි. අන්තිමට රටත් බංකොළොත් කරලයි නවතින්නේ...?

:       1       4

විජේ Sunday, 04 September 2022 07:47 PM

ඔවුන් මොවුන්ගෙන් යැපෙන අතර, මොවුන් ඔවුන්ගෙන් යැපෙයි. මෝඩ මිනිසුන් මුන් දෙගොල්ලන්ම වෙනුවෙන් හැපෙයි.

:       1       6

Demuni Uduwara Monday, 05 September 2022 04:48 AM

ඔවුන් මෙහි යනවා

:       0       0

Sunil Monday, 05 September 2022 09:55 AM

එක්සත් ජාතික පක්ශයෙ පූර්න විනශය අත ලන්ගයි.

:       0       1

Surain Monday, 05 September 2022 11:01 AM

රෝහල් වල බෙහෙත් නැහැ මිනිසුන්ට කන්න නැහැ අඩුම ගානෙ එවැනි දේකට වත් දායක වෙන්න එපා . ජනතාව මොඩ නැහැ අන්දවන්නත් බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 227 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site