(අජන්ත කුමාර අගලකඩ)
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිසිවෙකුටත් කැබිනට් අමාත්‍යධූර , රාජ්‍ය අමාත්‍යධූර හෝ නියෝජ්‍ය අමාත්‍යධූර ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රීයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (18) රාත්‍රීයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
මේ අතර පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගතයුතු බවටද මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එකතුවූ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කළ යුතු බවට ඉදිරිපත්වූ යෝජනාවක් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීම දක්වා කල් තබා ඇතැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද අදහසක් විනයක් තිබිය යුතුයි. හැබැයි කටින් බතල බැහැ. කරන්නත් ඔනා.
ඒ කියලා තිබෙන්නේ නිදහස් පක්ෂ කාරක සභාවටනේ. ඒක එජාපයට කොහෙත්ම අදාළ නැහැ.මැති ඇමති පත්කරන්නේ රනිල් විසිනුයි .
මෙන්න අපේ ජනපති
ජය වේවා
ඉතාමත් හොද තීරණයක්
ඔබතුමාට එක පිරිසක් හතුරුකම් කරමින් කකුලෙන් අදිද්දී නොවැ මෙච්චරකල් යු.අන්.පී.යත් එක්ක හැප්පෙන්න වුනේ. ඒක සාර්ථක නොවුන බව අපට පෙනුනා. දැන් ඒ කකුල් මාට්ටු පිරිස ඔබට සහයට ඉන්න හින්දා දැන් පුළුවන් වෙයි නේද හොරමැරකම් ඒ කියන්නේ අඩු ගානේ මහ බැංකු වැඩේ වත් ඉවරයක් කරන්න?
තමනුත් ඇමතිකම් නොගෙන ආදර්ශයක් දුන්නොත් නරකද ? මොකද තමන්ට විතරක් හැකි ? අනික මන්ත්‍රීවරුන්ට වගේම පක්ෂ මාරුකරාට පස්සේ මෙයාගේ දුරය තියෙනවද කියලා උසවියෙන්ම අහන්න වෙනවා .
මේ වගේ අය ජනතාව ගෙදර යවන තුරු ඔය වගේ තීරණ ගන්න.
ඒ කියන්නේ මේ පාර අවබෝධතා ගිවිසුම සංසෝධනය කරලා වගේ. එකපාර බෝනස් එකක් දීල ගත්තම ඉවරයි. අර පවුල් පිටින් වසරකට වරක් විදේශ සවාරි, සිංගප්පුරුවේ සෞඛ්‍ය රක්ෂණ, බදු රහිත වාහන වගේ පැකේජ් එකේ තියෙන අනික් දේවලුත් සංශෝධනය කලාද? පරණ විදියටම විරුද්ධ පක්ෂයේ උපනායකයා නෙමේද එන කට්ටියේ නායකත්වය දරන්නේ?
පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගතයුතු බව කියන්නේ මහින්දත් ඇතුලුවද?
දැන් කීවරක් වැරදි තීන්දු තීරණ අරගෙන ලෝකෙම හිනැස්සුවාද? නිත්යානුකුලවද ඔය තීරණය ගත්තේ ?
පුද්ගලික අදහසද ප්රජතන්ත්රවාදී අදහසක්ද.?
කරන්න පුළුවන් දේවල් නොවෙයි කියන්නේ. රනිල් අගමැති කමේ මොකද තාම ඉන්නේ. ?
ඔතන හිටියත් නැති එකේ ඔක්කොටම තියෙන්නේ ආණ්ඩුවට එකතුවෙලා දෝෂාභියෝගයක් ගෙනත් මෙයාව අයින් කරන්න.
මේවට තමා කියන්නේ නරි වාදම්. ඊයේ තුන් දෙනාට විනය ක්‍රියාමාර්ග ගන්න කලින් ගිය මාසේ පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තු සෙට් එකට විනය ක්‍රියාමාර්ග ගන්න ඕන නේ.
කීප වතාවක්ම හොම්බ ඇන ගත්ත මදිද? මෙයා වෙනත් ගේමක් ඉල්ලනවා වගෙයි.
තාමත් පිස්සුව හොඳවෙලා නැති පාටයි. ටී එනේ සහ යුඇන්පී අය ගන්න කොට නීති අමතක උනාද මන්දා.
රනිල්ට අගමැතිකම නොදී , රනිල් වික්‍රමසිංහ ට දුන්නා වගේ .....