
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ සියලුම දිස්ත්‍රික්කවල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පුහුණු කිරීමේ සහ පත්වීම් ලබා දීමේ වැඩසටහන් මාලාවේ පළමුවෙනි වැඩසටහනට ගාල්ලේ "රැඩිසන් බ්ලු" හෝටලයේ දී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ එජාප ජාතික සංවිධායක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්විණි. දින දෙක හමාරක නේවාසික පුහුණු සැසියක් ලෙස සංවිධානය කළ මෙම වැඩසටහන අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා අතින් පත්වීම් ලිපි ලබා දීම සහ සහතික පත් බෙදාදීම සිදුවිය.
කොළඹ, ගම්පහ, කළුතර, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සම්බන්ධීකාරකවරුන් පළමුවැනි වැඩසටහනට සහභාගී වූ අතර ඉදිරි වැඩසටහන් වල දී සෙසු දිස්ත්‍රික්ක වල සම්බන්ධීකාරකවරුන් සහභාගී කර ගැනීමට නියමිත බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අලුත් වැඩක් නෙවෙයි. එදා ඉඳලාම පවතින ආණ්ඩුවට විරුද්ධව සංවිධානාත්මකව රට පුරා බොරු ප්‍රචාරය කරන්න කටකතා පතුරුවන්න කට්ටිය හිටියා කියලා අපේ වැඩිහිටියෝ කියලා තියෙනවා. මේ ඒකෙ අලුත් වර්ෂන් එක වෙන්න ඇති..
පත්වීම් ලිපි දුන්නා පඩි ගෙවන්න සල්ලි කොහෙන්ද? අපේ ඩොලර් වලින් දේශගුණේ කියන් ලෝකෙ පුරා රවුම් ගහලා මෙහේ ඇවිත් පක්ෂයට වැඩ...
ගොන් හැත්ත.තවත් එනවා නේ