(සුමිත් පොතුපිටිය)

එගොඩඋයන මුහුදේ මිතුරන් සමග දියනාමින් සිටි තරුණයකු මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව එගොඩඋයන පොලිසිය පවසයි .

මෙසේ අතුරුදන්ව ඇත්තේ එගොඩඋයන, ධීවර නිවාස සුපුන් චතුරංග නමැති 20 හැවිරිදි තරුණයකු බව සදහන් වේ.

අතුරුදන්ව ඇති තරුණයා රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට ගොස් පැමිණ තවත් තරුණයන් දෙදෙනකු සමග දියනාමින් සිට ඇති බවත් එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවට මෙතෙක් තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය කීය.

එගොඩඋයන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.