
(මනෝප්‍රිය ගුණසේකර)
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර නොහොත් මුරලි යන අයගේ සාක්ෂිය නැවත කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දුන්නා.
නඩුව සභාපති විනිසුරු නයනා සෙනවිරත්න, නලින් හේවාවසම්, ලක්මාලි හේවාවසම් යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගැණුනා.
පසුගිය ජූලි 24 වැනිදා නඩුව කැඳ වූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කියා සිටියේ නඩුවේ සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂිය නැවත ලබා ගැනීමට අවශ්‍ය බවයි.
ඊට විත්තිකාර පාර්ශවය විරෝධතා ඉදිරිපත් කළ අතර එම විරෝධතා සලකා බැලිමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල එකමතිකව නියෝගයක් ලබා දෙමින් සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර නොහොත් මුරලි යන අය නැවත සාක්ෂියට කැඳවීමට පැමිණිල්ලට අවසර ලබා දුන්නා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd