
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ගුණාත්මක වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් එක් කෝටි විසි එක ලක්ෂයක මුදලක් ලබාගෙන ඇති සමාගමක ප්‍රධානීන් එම වීඩියෝව බාර නොදී අතුරුදන්ව සිටින බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා) තොරතුරු අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළාත් සභාවේ නිලධාරීන් පැවසුවේ එම සමාගම සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහයන් අසාර්ථක වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් නීති ප්‍රතිවරයාගේ උපදෙස් ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස කමිටුව එම නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම තොරතුරු අනාවරණය වූයේ කෝපා කමිටුව එහි සභාපති මන්ත්‍රී කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd