
( තිළිණි ද සිල්වා )
ගිනි ගෙන මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට ද බලපෑම් ඇති වන බව ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය කියයි.
මෙරට සංචාරක කලාප 15 න් 8 ක්ම පිහිටා තිබෙන්නේ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන කලාපය තුළ යැයිද සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය .
මුහුදු වෙරළ පරිසරය, ජෛව විවිධත්වය ආශ්‍රිතව සංචාරක කටයුතු බොහෝ සෙයින් සිදුවන බැවින් සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ලවන බව ඇය පැවසුවාය.
ඒ වගේම විදේශිකයින් අතර බොහෝ ජනප්‍රිය මුහුද ආශ්‍රිත ආහාරවන ඉස්සෝ, දැල්ලෝ, කකුළුවන් ආදී මත්ස්‍ය සහ මුහුද ආශ්‍රිත එම ආහාරවලට කොතරම් බලපෑමක් සිදුව ඇද්ද යන්න පිළිබඳව මේ වනවිට නිශ්චිතව සඳහන් කළ නොහැකි බව ද සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය වැඩිදුරටත් කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම කියන්නේ නෑ මොන මී හරකාද මේ නැවට ලංකාවේ දකුණු මුහුදට එන්න අවසර දුන්නේ කියලා.