IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එක්ස්ප්‍රස් පර්ල් නඩුවට වූ දේ

(මනෝප්‍රිය ගුණසේකර)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා වෙරළේ ගිනි ගැනීමෙන් හානිකර ද්‍රව්‍ය දේශිය ජලතීරයට මුසුකරන ලදැයි චෝදනා කරමින් නෞකාවේ කපිතාන්වරයාට සහ දේශීය නියෝජිතයන්ට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය අවලංගු කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ලබන 23 වැනිදා නඩුව යළි කැඳවීමට නියම කළේය.

නඩුව ලබන 12 වැනිදා සිට විභාගයට ගැනීමට මීට පෙර නියම කර තිබුණත් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති ඇපෑල විභාග කොට අවසන් වනතුරු මෙම නඩු විභාගය ආරම්භ නොකරන බවට පැමිණිල්ල දැනුම් දී ඇති බවට ඉදිරිපත් වු කරුණු අනුව විනිසුරුවරයා එලෙස තීරණය කළේය.

2021 මැයි මස 19 වැනිදාත් ජුනි මස 02 වැනිදාත් අතර කාලයේ ශ්‍රී ලංකාවට අයත් දේශිය මුහුදේදී ගිනි ගැනීමෙන් නැවේ තිබු හානිකර ද්‍රව්‍ය දේශිය ජලතීරයට මුසුකරන ලදැයි සමුද්‍ර දුෂණ වැලැක්වීමේ අධිකාරී පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 08ක් මත නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කළ ටික්ටිකාලෝ විමලි නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම” එහි අධ්‍යක්‍ෂවරුන් වන අර්ජුන ඉන්ද්‍රජිත් තිසේරා හෙට්ටිආරච්චි” දේවින්ද ඉන්ද්‍රජිත් තිසේරා හෙට්ටිආරච්චි” මිලින්ද ඉන්ද්‍රජිත් තිසේරා හෙට්ටිආරච්චි” අමින්ද ඉන්ද්‍රජිත් තිසේරා හෙට්ටිආරච්චි” පණ්ඩුක වීරසේකර සහ සංජීව ලක්ප්‍රිය සමරනායක නමැති මහත්වරුන්ය

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අධිකරණය අමතමින් මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් දුන් තීන්දුවට එරෙහිව විත්ති පාර්ශවය අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළේය.

එම ඇපෑල කැඳවනු ලැබු අවස්ථාවේදී ඇපෑල විභාග කොට අවසන් වනතුරු මෙම නඩු විභාගය ආරම්භ නොකරන බවට පැමිණිලි පාර්ශවය අභියාචනාධිකරණට දැනුම් දී ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා එම තත්වය මත නඩුව විභාග කිරීමට නියම කර තිබූ දිනය අවලංගු කරන බවද දැනුම් දුන්නේය.

 

 



අදහස් (2)

එක්ස්ප්‍රස් පර්ල් නඩුවට වූ දේ

Rata Perata Wednesday, 03 January 2024 06:38 PM

අලි සබ්රි ඇතුළු පොහොට්ටුවේ බොරු බයිලා එළිවෙන දවස ලඟයි .බලමුකෝ කීයක් ලැබෙයිද කියලා.දේශපාලුවන් නම් කීයක් හරි හොයා ගනීවී

:       0       4

Lalla Thursday, 04 January 2024 07:41 AM

කලකින්ම ඕක කාලයේ වැලිතලාව යට. ජරාව කාල පැනපු නැව සීයට අසූවක් රත්වෙලා කියපු එකාල ගොඩගියා කියල තේරෙනව...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site