(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පල)
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාව අයත් සී කොස්ටෝඩියම් සමාගමට එරෙහිව කොළඹ මහාධිකරණය පවරා ඇති නඩුව ඉවත දමන්නැයි ඉල්ලා එම සමාගම ඉදිරිපත් කළ විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අදාළ සමාගම ගොනුකළ විශේෂ අභියාචන පෙතසම නොවැම්බර් 04 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ අභියාචන පෙත්සම සලකා බැලිණි.
සී කොස්ටෝඩියම් සමාගම ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේ ගිනිබත් වීමෙන් අනතුරුව සී කොස්ටෝඩියම් නමැති තම සමාගමට එරෙහිව නිතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පැවරූ බවත් එම නඩුව ඉවත දමන්නැයි තමන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීම හේතූවෙන් තමන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම අභියාදනාධිකරණය නිෂප්‍රභ කළ බව සඳහන් කරමින් පෙත්සම්කාර සමාගම මෙම විශේෂ අභියාචනා පෙතසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් නියොජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා” සරත් ජයමාන්න සහ සංජීව ජයවර්ධන යන මහත්වරු පෙනී සිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා සමාගමෙන් අභියාචනයක්