(මනෝප්‍රිය ගුණසේකර)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා වෙරළේ ගිනි ගැනීමෙන් පීඩාවට පත්වුවන්ට වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් තවත් ධීවරයන් 52 දෙදෙනකු පැවරූ පෙත්සම් සම්බනන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා එම පෙත්සම් දෙසැම්බර් 13 වැනිදා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද නියම කළේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පීඩාවට පත්වු තමන්ට වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් මීට පෙර ධීවරයන් 18 දෙදෙනකු පැවරූ පෙත්සම්වලට අමතරව මෙලෙස තවත් ධීවරයන් 52 දෙදෙනකු පෙත්සම් ඉදිරිපත් කොට ඇති අතර තමන්ට වු හානි වෙනුවෙන් රුපියල් කෝටි 37 200ක් අයකර දෙන්නැයි ඔව්හු ඉල්ලා සිටිති.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සමුද්‍රිය පරිසරයට හානි වී ඇති බවත් ඒ හේතූවෙන් ඉන් රැකියාව කරගැනීමට නොහැකි වු බවත් දැනුම් දෙන පෙත්සම්කරුවෝ තමන්ට වු හානි අයකර දෙන්නැයි ඉල්ලා සිටිති.

ධීවරයින් ඉදිරිපත් කළ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගම එහි දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම” ඇතුළු පාර්ශව කිහිපයක් නම් කොට ඇත.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනසුරුවරයා නඩුව කැඳවන ලබන දෙසැම්බර් 13 වැනිදා පෙත්සම් සම්බනන්ධයෙන් කරුණු තහවුරු කිරීමට නියම කළේය.