(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට හේතූව වී ඇත්තේ එහි තිබූ කොන්ටේනර් දෙකකින් ‘නයිට්රික් අම්ලය’ කාන්දු වීමෙන් ඇතිවූ ගින්නක් බවත් විමර්ශන වලදී හෙළි වී ඇතැයි පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන් නීතිපතිවරයා නෞකාව ගිනි ගැනීමට වගකිව යුත්තේ නෞකාවේ කාර්ය මණ්ඩලය සහ නැව පාලනය කළ සමාගම යැයිද දැනුම් දුන්නේය.
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේදී ගිනි ගැනීමෙන් ධීවරයන්ට සහ පරිසරයට සිදු වූ හානියට වන්දි දෙන්නැයි ඉල්ලා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා ඒ බව දැනුම් දුන්නේය.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ග්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගයට ගැනීණි.
මැල්කම් කාදිනල් රන්ජිත් කොළම අගරදගුරු තුමන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා, වෘත්තීය ධීවරයන් දෙදෙනෙකු වන ඩබ්ලිව්. ගාමිණී ප්‍රනාන්දු, වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර්, සරත් ප්‍රනාන්දු සහ පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා, ජේ. ජෙගතීෂ්වරන්, පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ විසින් මෙම පෙත්සම් ගොනුකොට ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘‘එක්ස්ප්‍රස් පර්ල් ගිනි ගත්තේ නයිට්රික් අම්ලයෙන්‘‘
Nandana Tuesday, 25 March 2025 06:50 PM
වන්දිය අරන් පුලුවන්නම් පෙන්නන්න ,මාරයි මේවට පස්සෙනුත් හිනා ..ගොන් ජෙප්පෝ