(අංජුල මහික වීරරත්න)
ගෝඨා ගෝ ගමට එල්ල වූ මැර ප්‍රහාරය සම්පූර්ණයෙන්ම හෙළා දකින බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගෝඨා ගෝ ගම ආරක්ෂා කිරීමට යුතුකමක් තිබුණ බවත් එම තරුණ පිරිස ප්‍රජාතන්ත්‍රවාදීව තම විරෝධය ප්‍රකාශ කළ බවත් වික්‍රමසිංහ මහතා කීය.
අප සියලුම සියලුම දෙනා ඊට දුන් ප්‍රතිචාරය ප්‍රමාණවත් නැතැයි ද ඒ වෙනස ඉදිරියට ගෙන යාමට ශීඝ්‍ර වුණේ නැති හෙයින් ඒ වැරැද්ද පිළිගත යුතු යැයිද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
අද රටේ නීතිය සාමය නැති වී ඇතැයි ද ආණ්ඩුවක් ඉවත්වෙලා පමණක් ප්‍රමාණවත් නැති අතර ගැටුම් දිගටම යනවා නම් ආර්ථික පීඩනය තවත් වැඩි වෙන බවද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.
ගැටුම් ඉදිරියට ගෙන ගියොත් මිනිස්සුන් ගහ ගන්නට පටන් ගත්තොත් තිබෙන එකමුතු කම නැති කර ගත්තොත් එහි හානිය වන්නේ ජනතාවටම බවද වික්‍රමසිංහ මහතා කීය.
වැරදි කළ හැම දෙනාටම දඬුවම් කළ යුතු අතර පරණ විදියට දේශපාලනයේ යෙදෙන්නට බැරි බව සියලු දෙනාට පවසන බවත් ආණ්ඩු විපක්ෂ ආදී පක්ෂ භේද පසෙකට දැමිය යුතුව තිබෙන බවත් වික්‍රමසිංහ සඳහන් කළේ ය.
පාර්ලිමේන්තුවේ කිසිවකුත් පටු දේශපාලනයට යනවා නම් පාර්ලිමේන්තුව වසා දැමීම ඊට වඩා හොඳ බවද වික්‍රමසිංහ මහතා පැවසීය.
වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එකමුතුකම නැති කර ගත්තොත් හානිය ජනතාවටමයි
Jagath Monday, 09 May 2022 10:06 PM
මු තමයි නියම කපටි නරියා..
නල්ල නේරම් අන්නා..! Monday, 09 May 2022 10:13 PM
කොහොමද අපේ වැඩ...! දැන් ඔලු බක්කං නටපන් සිංහයා... උඹේ කඩුව දැන් මළකඩ කලා..! අපේ කොඩිය ලඟඳිම ලෙළ දෙනවා..! නල්ල නේරම් අන්නා..!