IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එකම විෂයේ බෙදුණු අමාත්‍යාංශ එක් කරයි

(අංජුල මහික වීරරත්න)

එකම විෂය පථයකට අයත් දැනට බෙදී වෙන්ව පවතින අමාත්‍යාංශ ඒකාබද්ධ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ආයතනවල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම, නාස්තිය අවම කිරීම,ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සහ රජයට ලාබ ලැබෙන පරිදි ආයතන සකස් කිරීම යන අරමුණු ඉටු කර ගැනීම සඳහා ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍ය අමාත්‍ය ධුරයේ  අද (24) වැඩ බාර ගනිමින් මහින්ද අමරවීර මහතා පැවසූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට වැවිලි කර්මාන්ත  ඒකාබද්ධ කරන කළේ ඉහත අරමුණු ඉටුකර ගැනීම සඳහා බවයි.

 ඉදිරි මාස දෙක ඇතුලත රජයට අයත් පොහොර සමාගම් දෙක එක සමාගමක් බවටත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ‍එකම ආයතනයක් බවටත් ඒකාබද්ධ කිරීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා  පරිසර අමාත්‍යවරයා ලෙස පත් කරන ලද්දේ ජනාධිපතිගේ මීළඟ ඉලක්කය වන හරිත ආර්ථිකයක් සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා බව කී කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත  අමාත්‍යවරයා  පරිසර අමාත්‍යවරයා ලෙස ඉදිරියේදී රඹුක්වැල්ල මහතාට විශාල කාර්යභාරයක් පැවරෙන බව ද කීය.



අදහස් (4)

එකම විෂයේ බෙදුණු අමාත්‍යාංශ එක් කරයි

සමන් Tuesday, 24 October 2023 01:20 PM

"ඉදිරියේදී රඹුක්වැල්ල මහතාට විශාල කාර්යභාරයක් පැවරෙන බවද කීය..." ඔව් , ඔව්... රඹුක්වැල්ල සීයා සෞඛ්‍ය අමාත්‍යාංශයේත් කොච්චර වැඩකොටසක් කරාද, කෝටිපතියන් කීදෙනෙක් හදන්න ඇත්ද? ටෙන්ඩර්වවලට පිටින් ගිහින්. ඒ විතරක්යෑ බාල බෙහෙත් දීලා මිනීපෙට්ටි සාප්පු කීයක් දියුණු කරන්න ඇතිද...?

:       0       0

Aravinda Monarawila Tuesday, 24 October 2023 01:44 PM

කවුද ඕවා හත අටට කඩලා බෙදුවේ? අපිද?

:       0       7

Bamunuarachchi Tuesday, 24 October 2023 03:21 PM

එය එසේ විය යුතුයි කියා තේරුම් ගන්න දේශපාලනයේ අවසන් කාලේ වෙනතුරුම හිටියා නේද? අමාත්‍යංශවල කෙරෙන වැඩවලට ප්‍රධාන බාධකය හා ප්‍රමාදයට හේතුවත් එක ඇමැති කෙනෙකු යටතේ තිබිය යුතු අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඇමැතිලා කීප දෙනෙක් අතර තිබීමයි. බිම් සවිය වැඩසටහනට ප්‍රමාදයට එක හේතුවක්‌ ඕක...!

:       0       10

පිටරැටියා Tuesday, 24 October 2023 06:01 PM

කෙරුවාව කෙසේ වෙතත් ලෝකෙම තියෙන ලොකුම ඇමති මණ්ඩලේ ඉන්නේ ලංකාවේ?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site