
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා එක්දින පිලේ කායකයා ලෙස ජ්‍යෙෂ්ඨ පිතිකරු කුසල් මෙන්ඩිස් ද, විස්සයි20 පිලේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරරංග ද, පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (18) පස්වරුවේ පැවසීය.
උපුල් තරංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව අද පස්වරුවේ රැස්වී එම තීරණයට එළඹි බවත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට එම තිරණය යොමු කරන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ටෙස්ට් තරගාවලියක් මෑතකදී නොමැතිවීම නිසා ටෙස්ට් කණ්ඩායමේ නායකයා පත්කිරීම පසුව කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරීම් කමිටුව ගැබ බලාපොරොත්තුවක් තියෙනවා . ඒ වුනාට ටීම් එක තෝරන්න කලින් තේරීම් කමිටුව ඇමති හමුවෙන එක නම් පිළිගන අමාරුයි
කුසල් යනු නිවැරදි නායකයකු නොවුනත්, 2027 ලෝක කුසලානය ඉලක්ක කර, යම් වැඩ පිළිවෙලක් ඇතුව යායුතුව තිබේ. දසුන් යනු, අප කණ්ඩායම දීර්ග ගමනක් රැගෙන යාහැකි නායකයකු නොවේ. තවද නායකයකු, විශේෂයෙන් 50 ඕවර් වල කුමන හෝ ඉරියව්වෙක දක්ෂතා දක්වන්නෙකු විය යුතු වේ. අනික් අය සමග හිනාවී සිටීම, නායකයකු වීමට සුදුසු කමක් නෙවෙයි. දේශපාලනයෙන් එයට හොදම උදාහරණ තිබේ.
ඒ උනාට , රනිලුයි ,හරිනුයි එකතුවෙලා බේරගත්ත බෝඩ් එකේ හොරු ටික ඉන්නකකම් අපි නම් මැච් බලන්න එන්නේ නැහැ
නායකයා විනය පිළිපදින අයෙක් නොවේ නම් කණ්ඩායමේ විනය රකින්නේ කෙසේද?