
(එම්.සුසිල් පියන්ත සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඉදුරුව ඇටවලවත්ත ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් අද (12) උදේ සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
මෙසේ ඝාතනය කොට තිබුණේ ඉදුරුව ඇටවලවත්ත ප්‍රදේශයේ පදිංචි තිස්හය හැවිරිදි කොස්ගොඩ බලහැලගේ චාන්දනී නමැති එක්දරු මවක් බවද පොලීසිය කියයි.
මේ කාන්තාව අද (12) උදෑසන ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය සැකකරයි
සැමියා විදේශගතව සිටින මේ කාන්තාවගේ නිවස මංකොල්ල කන්න පැමිණි පිරිසක් කළ දෙයක් ද නැතහොත් වෙනයම් හේතුවක් නිසා වූවක්ද යන්න පිළිබදව සොයා බලන බව ද පොලීසිය කියයි.
මේ ඝාතනය සම්බන්ධයෙන් මහේස්තාත් පරීක්ෂණය අද (12) සිදු කිරිමට නියමිතව තිබිණ.
කොස්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd