(අංජුල මහික වීරරත්න සහ මීරිගම පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
ඩී.එස් සේනානායක යුගයේ ලංකාව බ්‍රිතාන්‍යයට පවා ණය දුන්න ද වර්තමානයේ ලංකාව සෑම බලවත් රටකටම ණය වෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඩී.එස් සේනානායක ගුණ සමරු උළෙලේ දී පැවසීය.
සේනානායක ප්‍රතිපත්ති අනුගමනය කරමින් එක්සත් ජාතික පක්ෂය නිසි තැනට ගෙන රට ජයග්‍රහණය කරා ගෙන යන බවට ප්‍රතිඥා ලබාදෙන බවද විජයවර්ධන මහතා එහිදී වැඩිදුරටත් කීය.
නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 69වන ගුණානුස්මරණ උත්සවය මීරිගම ඓතිහාසික බෝතලේ වලව්ව ඉදිරිපිට සේනානායක සමාධිය අසලදී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව කීය.
"ඩී .එස් සේනානායක යනු අපේ රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් මුදාගත් යුග පුරුෂයායි. එහිදී එතුමා තීරණාත්මක නායකත්වයක් දුන්නා. ලංකාවට මොන නිදහසක් දැයි එදා බ්‍රිතාන්‍ය පාලකයන් කිව්වා.ලංකාවෙි ජාතීන් භේද භින්න වී සිටින බවත් නිදහස දුන්නොත් ඔවුන් ගහමරා ගනු ඇති බවත් එදා බ්‍රිතාන්‍ය පාලකයන් පැවසුවා. එවැනි තත්වයක් හමුවේ දී ඩී.එස් සේනානායක මහතා රටේ සියලු ජාතීන් එකතු කරන්න වැඩ කටයුතු කළා .සිංහල මහා සභාව ,දමිළ කොංග්‍රසය ,මුස්ලිම් ලීගය එකතු කරගෙන සියලු ජාතීන් නියෝජනය වන පරිදි එක්සත් ජාතික පක්ෂය හැදුවා .එක්සත් ජාතික පක්ෂයට අලියා යන ලාංඡනය දුන්නෙත් සුමන සමන් දෙවියන්ගේ වාහනය නිසයි. මෙරට කෘෂිකර්මයට හා පරිසරයට ඇති ලැදියාව නිසා එතුමා එක්සත් ජාතික පක්ෂයට කොළපාට ගත්තා. එතුමා නායකත්වය දෙන විට ලංකාව කිසිම විදේශ රටකට ණය නැහැ .ගල්ඔය ව්‍යාපාරය පටන් ගත්තේ විදේශ ණය ගෙන නොවේ.
ඩී . එස් සේනානායක මහතා ලෝකයේ සියලු විදේශ රටවල් සමඟ මිත්‍ර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. බ්‍රිතාන්‍ය මෙන්ම බටහිර රටවල් සමඟත් චීනය, ඉන්දියාව සමඟත් ඉතා සමීපව වැඩ කළා. එකල ලංකාවෙන් බ්‍රිතාන්‍යයට පවා ණය දී තිබෙනවා. නමුත් අද අප සෑම බලවත් රටකටම ණය වෙමින් සිටිනවා යනුවෙන් රුවන් විජයවර්ධන මහතා පැවසීය.
මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.
දුම්රිය බදුල්ල දක්වා ධාවනය ආරම්භකර වසරක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භකළ කැලිප්සෝ සංචාරක දුම්රියේ කැලිප්සෝ සංගීතය සහ ආපන
ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පෙරවරුවේ නි
අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නු
සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක සහ හිටපු පොලිස් කොස්තාපල්වරියක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්
මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුරක් කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ නිවසක පිටුපස ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘‘එ.ජා.ප නිසි තැනට ගෙන රට ජයග්‍රහණය කරා ගෙන යනවා‘‘
Senarath Tuesday, 23 March 2021 06:05 AM
ඔයා මැරිලා ඉපදුණාද? පසුගිය රජය 2015 සිට 2019 දක්වා කාලයේ තමයි වැඩිපුරම ණය ගත්තේ.. ඒ වුණාට කරපු වැඩකුත් නැහැ. ඒ මදිවට හම්බන්තොට වරායත් වික්කා. තවමත් කිසිම වැඩපිළිවෙළක් වත් පෙන්වන්නේ නැතිව ජනතාව රවටන්න බොරු කියනවා. දැන්වත් ඉගෙන ගන්න ඩී.එස්. මහත්තයාලා රටට කළා වගේ වැඩ කරන්න.
kapila Tuesday, 23 March 2021 10:25 AM
ඔය කියන කාලේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ තේ, රබර්, පොල් වෙළඳාමයි. ඒ ව්‍යාපාර සුද්දන් සතුව තිබුණු අතර, පිටරට වලට ණය දුන්නේ ඒවායින් ලැබුණු විදේශ විනිමයයි.
Bamunuarachchi Thursday, 25 March 2021 05:39 AM
ලංකාව බ්‍රිතාන්‍යයට දීපු ණය වෙන්න ඇති ඔහෙලා 2015-2020 කාලේ ආපසු ණයට ගෙන කාර් ගෙන්නුවේ දීමනා වැඩිකර ගත්තා නේද? හලෝ අපි ඒ කාලේ යැපුණේ තේ, පොල්, රබර් වලින් මිනිරන් ටිකක් රට යැව්වා. නැතුව කාටවත් ණය දෙන්න තියා පාරවල් දියුණුකර ගන්නවත් මුදලක් ඉතිරිවුනේ නැහැ. ඕවා අහන මිනිස්සු නැහැ කියලා ලැබුණු ඡන්ද ප්‍රමාණයෙන් හිතාගන්න. දැනුයි ලොක්කට සිංහලකම බුද්ධාගම මතක් වෙලා තිබෙන්නේ... දෙන්නම් බලාගෙන ඉන්නවා.