
(ප්‍රසන්න පත්මසිරි)
ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.ඒම් මුසම්මිල් මහතා පළාත් ආණ්ඩුකාර තනතුරින් ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ලිඛිතව දැනුම් දුන්නේය.
තමා ආණ්ඩුකාර තනතුරේ සිටියදි ජනාධිපති අපේක්ෂකයකුට උදව් කිරීමට නොහැකි බව කියමින් තනතුරින් ඉල්ලා අස්වු මුසම්මිල් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට උදව් කරන බවද එම ලිපියෙන් දන්වා තිබේ,
හිටපු ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් ආණ්ඩුකාර තනතුර වත්මන් ජනපතිවරයා සමගත් වෘත්තීය භාවයෙන් හා අවංකභාවයෙන් සිදුකරගෙන ගිය බවද එම ලිපියෙන් දන්වා ඇත,
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ගෙබි සෙල්ලම් කාරයෙක්, චන්ද බලයක් නැහැ, සජිත් ටම හරියනවා.
එක්කෝ ඡන්දෙට කළින් රට පනින්න යනවා. එක්කෝ මුස්ලිම් ප්‍රජාවම එකතුවෙලා ඉතිරි තුනෙන් දෙකත් කපයි කියලා බයට ගෙදර යනවා.
මේ වයසක මනුස්සය කොහොමත් දන්නවා චන්දෙන් පස්සේ ගෙදර යන්න වෙන බව . ඒ නිසා ඊට කලින් ඉල්ලා අස්වෙලා වීරයෙක් වෙන්න හිතන්න ඇති. හැබැයි සජබෙට මේ මනුස්සයගෙයි මිනිහගේ ගෙදර චන්ද දෙක තුනකුයි ඇරෙන්න වෙන වාසියක් නම් ලැබෙන්නේ නැහැ .
මු නම් මහා අපතයෙක්
මේ වාසි කොහේට ද එතනට පනින්ඩයි මේ සැරසෙන්නේ.