IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඌරාපොල පාසලක කේක් නා විනෝද වූ සිසුන් 9 ක් රෝහලේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

ගුරු දිනය සැමරීමට  ඌරාපොල ප්‍රදේශයේ  විදුහලක පැවති උත්සවයක්දී කේක් ආහාරයට ගෙන මුහුණේ කේක් තවරා ගනිමින් විනෝද වූ  7 ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නව දෙනෙකු කිසියම් ආසාද්මික තාවයකට ලක්වීම හේතුවෙන්   අද  (06) දහවල්  වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

ගුරු දිනය නිමිත්තෙන් පාසලට කේක් ගෙනවිත් ගුරුවරුන්ට ද පිළිගන්වා  පසුව ලමුන් ද කේක් අනුභව කර ඇත. පසුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් එකිනෙකා අතර කේක්  මුහුණේ සහ ඇගෙහි  තවරා ගනිමින් විනෝද වෙමින් සිට ඇත.

 .එම අවස්ථාවේ ඇතිවූ ආසාත්මික තාවක් හේතුවෙන් දරුවන්ව රෝහලට ඇතුළත් කර ඇත. සිසු  පිරිස අසාත්මිකතාවයට ලක්වූයේ කේක් ආහාරයට ගැනීම නිසා ද නැතහොත් ඔවුන් විනෝදය සඳහා කේක් මුහුණේ තවරා ගැනීමේදී ඇති වූ වෙනත් හේතුවකින් ද යන්න හෙළි වී නැත. 

 



අදහස් (4)

ඌරාපොල පාසලක කේක් නා විනෝද වූ සිසුන් 9 ක් රෝහලේ

Priya Friday, 06 October 2023 03:25 PM

බොහෝම හොඳයි. කේක් නාන්න ගියාම ඔහොම වෙන්න ඕනෑ. ළඟදී ඉඳන් මේ රටේ ළමයි නටනවා වැඩියි. වැරැද්ද ගුරුවරුන්ගේ. අපේ ගුරුවරු අපට ඔහොම නටන්න දුන්නේ නෑ. එයින් අපිට හානියක් වෙලත් නෑ. ඒ උතුමන්ට අද ගුරු දිනයේදී මම සිරස නමා ආචාර කරනවා...!

:       10       28

සෙනෙවිරත්න Friday, 06 October 2023 04:44 PM

ගුරු දිනය සමරනවා කියලා කරපු විකාරවලින් ශිෂ්‍ය ජීවිත දෙකක් නැති වුණා. පාසල් පුරා ලෙක්සි බැනර්, සංග්‍රහ, අසරණ දෙමව්පියන්ගේ සල්ලි, වැඩක් නැති කටවුට් කියන්නේ විදෙස් විනිමය. නාස්තිකාර පරපුරක් බිහිකිරීම විතරයි මේවායේ ප්‍රතිඵල... රට හොඳ වෙච්චි දවසක ඕවාකරමු. තාම ණය නොගෙවන ණයට කන, යවනවාට වඩා ගෙන්වන රටක්...

:       5       24

M W ලහිරු දිල්හාන්Saturday, 07 October 2023 04:27 PM

ගුරුවරුන් වෙනුවෙන් කරපු දේ අගය කරනවා.. ළමයි මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනේ...

:       2       4

Indunil Sunday, 08 October 2023 09:52 AM

ළමයි විනෝද වෙන එක නෙමේ වරද... කේක් වලට පුදුම විදිහට කෙමිකල් දානවා. කෑමට සුදුසු නැති වස විස දානවා ඒකයි වරද? මේවාට විරුද්ධ වෙන්න කවුරුත් නෑ... ඒකයි වැඩේ.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site