
(නිමල කොඩිතුවක්කු)
ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඌරන් ප්‍රවාහනයේදී කොට්ඨාස භාර පශු වෛද්‍යවරයෙකුගෙන් සෞඛ්‍ය සහතිකය ලබා ගැනීම අනිවාර්්‍ය බවත් එහි ප්‍රකාශකයකු පැවසීය.
ඌරන් අතර ප්‍රජනන හා ස්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් රෝගයක් පැතිරෙමින් ඇති අතර බස්නාහිර, වයඹ හා උතුරු මැද පළාත් ඇතුළු ප්‍රදේශ රැසකින් රෝගය වැළදුණු ඌරන් හඳුනා ගෙන ඇත.
මේ හේතුවෙන් දිස්ත්‍රික් අතර ඌරන් ප්‍රවාහනය ද මේ වන විට අත්හිටුවා තිබේ.
රෝගය වැළඳී මියගිය ඌරන්ගේ මස් අනුභව කිරීම සෞඛ්‍යයට අහිතකර බැවින් එවැනි මස් අළෙවියෙන් වළකින්න ලෙස මස් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක් කරන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.
රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මේ වන විට එන්නත්කරණය ආරම්භ කර ඇති බව ද ඔහු තවදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඌරන් ප්‍රවාහනයට සෞඛ්‍ය සහතිකය අනිවාර්යයි
වල් ඌරා Monday, 21 October 2024 01:11 PM
මැතිවරණ රැස්විම්වලටත් බස්වලින් බත්කන ඌරන් ප්‍රවාහණය කරනවට, සෞඛ්‍ය සහතිකය අනිවාර්යය කරන්න...!
වික්‍රම විදුර Monday, 21 October 2024 03:44 PM
චැනල් කරලා ගන්න පුළුවන්ද?