IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඌරකු නිසා පුද්ගලයෙක් අවසන් ගමන් යයි

(එස් ඩී කොඩිකාර )

වැලිගම අකුරැස්ස  ප්‍රධාන මාර්ගයේ   වැලිහිඳ පන්සල අසලදී   මාර්ගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක ඌරෙකු  ගැටීමෙන්  එම යතුරු පැදියේ  ගමන් කළ දෙදෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයකු    ජීවිතක්ෂයට පත්ව ඇතැයි  වැලිගම පොලිසිය කියයි.

මෙම   අනතුරින් මිය ගොස් ඇත්තේ තෙලිජ්ජවිල  පදිංචි   (75) හැවිරිදි   තිදරු පියෙකු බව පොලීසිය සඳහන් කරයි.

පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා   සිය නිවසේ සිට මිරිස්ස ප්‍රදේශයට  යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි  වැලිගම  අකුරැස්ස  ප්‍රධාන මාර්ගයේ  වැලිහිඳ පන්සල අසලදී මාර්ගය හරහා එකවරම  ඌරෙකු ගමන් කල බවත් එම ඌරාගේ ඇගෙහි වැදුනු  යතුරු පැදිය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයේ ඇදවුටුනු බවත් යතුරු පැදිය පැදවු ජීවිතක්ෂයට පත් වු පුද්ගලයාගේ පුත්‍රයා පවසයි.

අනතුරින් බරපතළ තුවාල  ලැබු තුවාලකරුවන් වැලිගම වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට  ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී   ජීවිතක්ෂයට පත්ව ඇති බව වැලිගම පොලිසිය කියයි.සිද්ධිය සම්බන්ධයෙන්  වැලිගම මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ඌරකු නිසා පුද්ගලයෙක් අවසන් ගමන් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site