IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඌරු උණ වයිරසය සහිත ඌරු මස් තොගයක් හමුවේ

(තිස්ස කොටින්කඩුව)

දිවයිනේ ප්‍රසිද්ධ ආයතනයකට අයත් වැලිසර ශීත ගබඩාවක ගබඩා කර තිබූ ඌරු උණ වයිරසය අඩංගු බවට තහවුරු වූ සොසේජස් ඇතුළු මස් නිෂ්පාදන තොගයක් අද (27) විනාශ කළ බව පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සංජික පෙරේරා මහතා පැවසීය.

මෙම උත්සව සමයේ දී වෙළෙඳපොළට නිකුත් කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ආනයනය කර තිබූ බව පැවසෙන මෙම සොසේජස් සහ මස් නිෂ්පාදන රේගු සහ නිරෝධායන අංශය විසින් පසුගියදා සොයාගනු ලැබීය.

මෙම මස් නිෂ්පාදන චීනයේ සිට මෙරටට ආනයනය කර ඇතැයිද පැවැසේ.

මෙසේ විනාශ කළ මාංශ තොගයට ශීතකරණ ලද නැවුම් තාරා මස් කිලෝග්‍රෑම් 56ක් ද තාරා ඔළු කිලෝ ග්‍රෑම් 132 ක් ද ඌරු මස් කිලෝ ග්‍රෑම් 12ක්ද කුකුළු තටු කිලෝ ග්‍රෑම් 20ක් සහ ස්විට් කෝන් රෝල් සොසේජස් කිලෝ ග්‍රෑම් 288 ක්ද ඇතුළත් වන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සූකර උණ මිනිසුන්ට කෙළින්ම බලනොපාන නමුත් යම් හෙයකින් මෙම වයිරසය සමාජගත වූයේ නම් මෙරට ඌරු ගොවිපොළ සම්පූර්ණයෙන් විනාශවීමට ඉඩ තිබූ බවත් පශු සම්පත් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (3)

ඌරු උණ වයිරසය සහිත ඌරු මස් තොගයක් හමුවේ

Sachith Thursday, 28 December 2023 07:50 AM

"දිවයිනේ ප්‍රසිද්ධ ආයතනයකට අයත්" ඇයි මෙ ආයතනවල නම් දාන්නෙ නැත්තෙ? පොඩි මිනිහෙක් එහෙම කරානම් නම, ගම, ජාතික හැදුනුම්පත් අන්කෙත් දානව.

:       0       0

Lalla Thursday, 28 December 2023 09:02 AM

ඕවා ගෙන්වපු සමාගම ප්‍රසිද්ධ නොකරන හේතුව...? එහෙම කළාම මහජනතාව ඒක වර්ජනය කරයි. ප්‍රශ්න ඉවරයි...

:       0       0

Prabha Thursday, 28 December 2023 03:21 PM

ඔය සමාගමේ නම දැම්මා නම් හරි, මිනිස්සුන්ට ආරක්ෂා වෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site