
(කුරුණෑගල අධිකරණ වාර්තාකරු)
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති ආකාරය දැඩිව විවේචනය කරමින් ඔහු ඇප මත මුදාහරින ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා අද නියෝග කළේය.
සාක්ෂි නොමැති අවස්ථාවකදී සැකකරුවකුට එරෙහිව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අපරාධ නඩුවිධාන සංග්‍රහයේ පැහැදිළිව දක්වා තිබෙන බවත්, එහි 116 වගන්තිය අනුව කටයුතු කළ යුතු බව ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා පවසා සිටියේය .
තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහි දී කටයුතු කර ඇති ආකාරයේ දෝෂ පෙන්වා දුන් විනිසුරුවරයා පැවසූවේ විමර්ෂන අංශයක ස්ථානාධිපති වැනි ජ්‍යෙෂ්ඨ තනතුරකට පත්කරන්නේ වසර 20කට වැඩි පළපුරුද්දක් ඇති නිලධාරීන්, එසේ පත්කිරීම් සිදුකිරීමෙන් බලාපොරාත්තු වෙන්නේ එම විමර්ශන නීත්‍යනුකූල තත්වයන් තුළ සිදු කළ යුතුයි. සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි නොමැති අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිළිව නඩු තීන්දු ගණනාවක් තිබෙනවා, මෙම නඩුවේදී ද එලෙස කටයුතු කළ යුතුව තිබුණු බව ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දන්වා සිටියේය.
ඒ අනුව සැකකරුට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට මහාධිකරණයට නිරීක්ෂණය වන බව සඳහන් කරමින් සැකකරු ඇප මත මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය මෙපමණටම දේශපාලනීකරණය වූ යුගයක් ඉතිහාසයේ තවත් ඇද්ද? එල්ටීටීඊ යුද්ධයේ අවසාන භාගයේ නාවික හමුදා මෙහෙයුම්වලට විධාන දෙමින් උලුගෙතැන්න මහතා කළ කාර්ය භාරය නොවන්නට ෆොන්සේකා මහතාට තමන් තනියෙන් යුද්ධය කළා යන කයිවාරුව ගැසීමට නොහැකි වනවා ඇත. තමන්ට සලකන එල්ටීටීඊ ඩයස්පෝරාව සනසන්නට උලුගේතැන්න මහතාට දඬුවම් කළ ආණ්ඩුවේ සුවච, කීකරු බැලයන් වන ශ්‍රී ලංකා පොලිසියට කරුණු කාරණා වටහා දෙන්නට උගත් විනිසුරුතුමා ඉදිරිපත් වීම පැසසුම් කටයුතුය.
නිවැරදි තීන්දුවක් දුන් මහාධිකරණ විනිසුරුතුමාට අපගේ ප්‍රණාමය. නිර්භීත රණවිරුවකු වන හිටපු නාවික හමුදාපති තුමා අත්අඩංගුවට ගත්තේ හිටපු LTTE කාරයෙකුගේ ඔප්පු නොකළ චෝදනාවකින්. පැහැදිලිවම, ඔවුන් හට මේ මාලිමා රජයේ ආදරය, කරුණාව, අනුග්‍රහය තියනවා. ආණ්ඩුව නටන්නේ LTTE ඩයස්පෝරාවේ තාලයට කියලා සක්සුදක් සේ පැහැදිලියි. යුද රණවිරුවන් හට (ඔවුන් කියන ලෙස "සොල්දාදුවන්ට") අඩන්තේට්ටම් කරන්න, දඬුවම් කරන්න, අවමාන කරන්න අවස්තාව තියනවා නම්, ඩයස් පෝරාව සතුටු කරන්න රජය ඒවා කරනවාමයි. ජාතියක් ජම්මයක් නැති, අසමජ්ජාති ජාන විකෘති පෙරමුණේ (JVP) එව්වන්ට හා පාපිස්සන්ට ඡන්දය දීපු එකාලටත් මේ සිංහල ජාතියට හා රට බේරාගත් රණවිරුවන්ට කරන අපරාධ වලට පල දෙන්න ඕනෑ...
දැන් විකාගනු..
ජෙප්පන්ගේ ඩයස්පෝරා උවමනාවකට කරපුයි. තවත් එක බලු වැඩක් අධිකරණය නිසා වියකී ගියේය.
ඩයස්පෝරා අයියලා සතුටු කරන්න කරපු කොන්ත්‍රාත්තුවක්. අධිකරනය මෙවැනි ජරා වැඩ කරන නිළධාරින් පිලිබදව දැඩි තීරන ගත යුතුයි.
ගෑනු නමක් තියෙන පොලීසියේ ලොකු මහත්තෙක් ඉන්නවලු, අධිකරණවලින් වැඩියෙන්ම අවවාද ලැබිල තියෙන්නේ ඒ මහත්තයාට ලු. ඔන්න වැඩ! ලකුණු දාගන්න සාක්ෂි මවලා හෝ තරහාකාරයෙක් නැත්නම් කොහෙවත් ඉන්න එකෙක් අල්ලා හිරේ දැමීම තමයි ලංකා පොලූස්සියේ දක්ෂකම. නැත්තනම් ගුටි දීලා දස වධ දීලා තමන්ට කැමති විදියේ පාපොච්චාරණ ගැනීම තව හැකියාවක්, මුන් පොලීසියක් නෙවේ, උන්ම කියන විදියට ආයුධ සහිත රජයේ නිල මැරයන්.
පොලිසි විසින් ඔප්පු කළ හැකි කිසිම සාක්ෂියක් හෝ ආධාරයක් නොමැතිව හුදෙක් සැකසහිතව අත්අඩංගුවට ගෙන උසාවිය වෙත ඉදිරිපත් කරන සැකකරුන්ව රිමාන්ඩ් භාරයට පත්කරන්නේ මොන පදනමක් එහෙම නැතිනම් මොන නීතිය යටතේද යන්න මට තේරෙන්නේ නැහැ.
ඉතා කණගාටුදායක පුවතක්. CID යනු පොලිස් සේවයේ දක්ෂම ස්ථානයයි. මුල් කාලයේ CID හි ඉතා අවංක හා බුද්ධිමත් නිලධාරීන් සිටියහ. කෙසේ වෙතත්, 1985 න් පසු ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි විය. බඳවා ගැනීම් නිසි ලෙස පරීක්ෂා කර නොතිබුණි. ගුණාත්මක භාවයෙන් යුත් නිලධාරීන් ස්වල්ප දෙනෙක් සිටියහ. බොහෝ දෙනෙක් විවිධ සම්බන්ධතා ඇති ක්ෂේත්‍ර ස්ථානවලින් පැමිණි අය වූහ. ඉන්පසු දේශපාලනඥයන්ගේ අභිමතය පරිදි පරීක්ෂණ ආරම්භ කරන ලදී. කෙසේ වෙතත්, එම රේඛාවේ කොටසක් තෝරාගෙන ඇති අතර අනෙක් අය පැත්තකට දමා ඇත. පසුව කණ්ඩායම් වශයෙන් ඔවුන්ගේ ඉල්ලීම්වලට අවනත නොවන නිලධාරීන් මාරු කිරීමට පටන් ගත්තේය. CID හි කණ්ඩායමක භාර නිලධාරියා ඉතා ගෞරවනීය තනතුරකි. IP/CID යනු ඉතා වැදගත් සහ ජාතික අවශ්‍යතා ඇති නඩු භාර පුද්ගලයා වේ. කිසිසේත්ම ප්‍රබන්ධ නැත. නීති වෘත්තියට සිදුවන්නේ CID/පොලිසියට සිදු වන්නේ එකම දෙයයි.