(නාලක සංජීව දහනායක)
පසුගිය වසරේ උසස්පෙළ විභාගය සමත් වූ සිසුන් හැකි ඉක්මණින් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (5) පැවැසීය.
එමෙන්ම මෙම වසරේ උසස් පෙළ විභාග ප්‍රථිඵල නිකුත්වී කෙටිකාලයක් ඇතුළතදී එම සිසුන්ද විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමට කටයුතු කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
උස්ස පෙළ විභාගය සමත්වන සෑම දරුවකුම විශ්ව විද්‍යාල වරම් හිමිකර ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම ලබාදිය යුතු බව කී ජනාධිපතිවරයා කෙටිකාලීන වශයෙන් රටට අවශ්‍ය ශ්‍රම බලකාය බිහිකර ගැනීමට විශ්ව විද්‍යාල පද්ධතිය තුළම ඩිප්ලෝමා පාඨමාලා ඇති කළ යුතු බවද සඳහන් කළේය.
තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්රමුඛත්වයක් ලබාදුන් අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය සඳහා වූ ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා තාක්ෂණය මූලික කරගත් ලෝක ආර්ථිකය සඳහා නිපුණතා සහිත දරු පරපුරක් ලොවට දායාද කළ හැකි අධ්‍යාපන ක්‍රමවේදයකට කඩිනමින් ගමන් කළ යුතු බවද පෙන්වා දුන්නේය.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරුන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (5) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදයෙන් මිදීය යුතු බව පෙන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ අවශ්‍යතාවයට මෙන්ම අන්තර් ජාතික මට්ටමේ විෂය නිර්දේශ හා විෂය මාලාවන් සැකසී ඇති ආකාරය පිළිබඳව එහිදී දැඩිව අවධානය යොමු කළයුතු බවද කීය.
එහිදී රටේ අවශ්‍යතාවය සොයා බලා පාඨමාලා සකස් කිරීමේ අවස්ථාව විශ්වවිද්‍යාල වෙත ලබාදීම කාලය එළැඹ තිබෙන බව කී ජනාධිපතිවරයා ඒ සඳහා විශ්ව විද්‍යාල දිරිමත් කළ යුතු බවත් බොරු න්‍යායන්ගෙන් ඉවත්ව අධ්‍යාපන ක්ෂේත්රය නගා සිටුවිය යුතු බවද සඳහන් කළේය.
එමෙන්ම රැකියා වෙළඳපෙළ ඉලක්ක කරගනිමින් ගුරු විද්‍යාපීඨ, හෝටල් පාසල් ආරම්භ කිරීමට ක්‍රියා කළ යුතු බව කී ජනාධිපතිවරයා ගාල්ල, මාතර, හම්බන්තොට මෙන්ම සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි විශ්ව විද්‍යාල ආරම්භ කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
උස්ස අධ්‍යාපනය සදහා විදේශගතවන දරුවන්ට අධ්‍යාපන කටයුතු තම රට තුළම කරගෙන යෑමට අවස්ථාව සළසා දිය යුතු බව කී ජනාධිපතිවරයා විද්‍යා හා ගණිත අංශයන්ගෙන් වැඩි දරු පිරිසක් රටට දායාද කළ යුතු බවත් කලා අංශයෙන් අධ්‍යාපනය ලබන සිසුන් කෙටිකලකින් තොරතුරු තාක්ෂණ දැනුම සමඟ මුසුකර ආර්ථික ක්‍රියාවලියට එක්කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්හ.
එමෙන්ම මඩකළපුව විශ්ව විද්‍යාලය විනාශ වී යාමට ඉඩනොදී හැකි ඉක්මනින් ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට එකතු කර ජාතික සම්පතක් ලෙස ප්‍රයෝජනයට ගතයුතු බව කී ජනාධිපතිවරයා ගුරු හිඟය පියවීමටත් වසරක් ඇතුළතදී අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපේ නායකයා වැඩ පටන් අරන් ජය වේවා
අපෝ එතකොට ඔක්කොම ඉගෙන ගනී... එහෙම කරන්න දෙන් නැහැ අපි ඉන්නකන්.. අපි හොඳ UNP...
දීලා තියෙන උපදෙස් නම් වටිනවා... ඉතාම නිවැරදි උපදෙස්. ලෝකයත් සමග ඉදිරියට යන්න අවශ්‍ය විෂයයන් විශ්ව විද්‍යාල පාඨමාලාවන්ට ඇතුළත් කර ඇත්තේ වෛද්‍ය විද්‍යාලයේත්, මොරටුවේත් විතරයි කියලයි මට හිතෙන්නේ. අනික් ඒවායේ ඉන්නේ පාරට බැහැලා ඉගෙන ගන්න වඩාත් කැමති අය නිසා අචාර්යවරුත් ඕනෑදෙයක් කරගනිල්ලා කියලා නිකම් ඉන්නවද මන්දා. කොහොම වුණත් හදිසියෙන්ම සහ ඉක්මණින්ම කළයුතු වැදගත්ම රාජකාරිය තමයි, බංකොලොත් දේශපාලුවන්ගේ අතකොලු බවට පත්වෙලා ඉන්න සංගම් කාරයින්ට පාඩමක් උගන්වන එක සහ නවකවදය තුරන් කිරීමේ සක්‍රිය වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. රුහුණේ උපකුලපති වරයා තනිවම ගෙනයන සටනට බලධාරීන් අත දුන්නොත් ඔහු ඒ වැඩේ කරයි, කොන්දක් තියෙන්නේ ඔහුට විතරයි.
ඉංග්‍රිසි සදහා ඩිප්ලෝමා පාඨමාලාවක් ඇතිකර ඉංග්‍රිසි විද්වතුන් බිහිකරන්න.
මඩකළපුව විශ්ව විද්‍යාලය විනාශ වී යාමට ඉඩනොදී හැකි ඉක්මනින් ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට එකතු කර ජාතික සම්පතක් ලෙස ප්‍රයෝජනයට ගතයුතුයි.
ඒ වුනාට z score එක අඩු අය සමග z score එක වැඩි අය එකම උපාධියකට හිමිකම් කීමට අකමැතියි. z score එක වැඩි අයව ඉහලින්ම තොරාගන්නකොට අහකට වැටුන අය තමයි ඉතිරි අය. කෙසේ වෙතත් z score වැඩි අය තමයි වැඩ කාරයෝ. මේ ලෝකයේම ඔය z score ක්‍රමය තියෙනවා. ඕක නැතිකළොත් විශ්ව විද්‍යාල හදන්න වෙනවා. ගුරුවරුන් අලුතෙන් ගන්න වෙනවා. උපාධියේ වටිනාකම අඩු වෙනවා. රස්සා නැති අය රටේ බිහි වෙනවා. වැඩකාරයෝ කොහොමත් නියම තැන්වලට තෝරා ගනීවි. මේක පිස්සු වැඩක්. යමක් කමක් තියෙන කෙනෙක් පිටරටකට ගිහින් වටිනා උපාධියක් ගැනීම තමයි වටින්නේ.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වල අධ්‍යයන වසර පටන් ගන්නා සහ අවසන් වන දින නියම කළ යුතුයි. එවිට වසර 3ක් හෝ 4ක් තුල තම උපාධිය නිමකළ හැකිවනු ඇත. වර්ජන නිසා බඩවැල් වැනි ඇදෙමින් පවතින අධ්‍යයන කාල සටහන් වලට තිත තැබිය යුතුයි.
අදහස් නම් හොඳයි. කරන්න පුලුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ.
මඩකලපුව හොර විශ්ව විද්‍යාලය රජයට පවරාගෙන උසස්පෙළ සිසුන් ඇතුලත් කරගන්න
සාධනීය පියවරක්. ඉතා හොදයි. විශ්ව විද්‍යාලවල පාඨමාලා සංශෝධනය කළ යුතුයි. දේශපාලනයෙන් තොර කළ යුතුයි. අද වන විට පුද්ගලික විශ්ව විද්‍යාල පාඨමාලා ඉතා ඉහල තැනක තියෙනවා. එය අවධානයට ගත යුතුයි. විද්‍යාපීඨ විශ්ව විද්‍යාල මට්ටමට ගෙන ඒමත් ප්‍රසංශනීයයි. විශ්ව විද්‍යාලවල ආචාර්ය හිගයත් නැති කරන්න.
විශ්විද්‍යාල තුල වන අක්‍රමිකතා පිලිබදව සැලකිලිමත් වීමත් වැදගත්..
විදේශ විශ්ව විද්‍යාල රජයෙ හවුල්කාරිත්වය ඇතිව මෙරටේ පිහිටුවිය යුතුයි. ඒවායෙන් එන ආදායම දුප්පත් සිසුන්ගේ අධ්‍යාපනයට ගන්න
දැනට කාන්තාවන් විදේශ ගතව ඇති පවුල්වල පුරුෂයන්ට වෘත්තීය පුහුණුව ලබා දී ගැහැණු රට යාම අඩු කරන්න
1970-80 ගණන් වල ප්‍රතිඵල පිටවෙලා මාස 04 න් විශ්වවිද්‍යාල පටන් ගත්තා. ජවිපෙට පින් සිද්ධ වෙන්න ඒක කල් යන්න පටන් ගත්තා. පරණ විදියට යන්න පුළුවන් නම් ජාතියේ වාසනාවක්.
මේ අදහස ඉතාම වැදගත් දෙයක්. මේ සඳහා ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් අත්‍යවශ්‍යයයි. කලා විෂයන් ඉගැන්වීමට තාවකාලිකව පිටරවල් වල කරනවා වගේ තාවකාලික ගොඩනැගිලි සහ බොහෝවිට පාසල් ගොඩනැගිලිද භාවිතා කළ හැකියි. මධ්‍ය මහා විද්‍යාල වල පහසුකම් ඇති ගනැගිලි ඇත. දවල් පන්ති වෙනුවට රාත්‍රී සහ සෙනසුරාද සහ ඉරිදා පන්ති පැවැත්විය හැකිය. එතකොට විශාල සංඛ්‍යාවකට විශ්ව විද්‍යාල වලට යන්නට පුළුවන්. තවද ඔන්ලයින් පාඨමාලා ඉගැන්විය හැකිය. අඩුම තරමේ ගොඩනැගිලි සාදා ගන්නකම් පරීක්ෂණයක් විදිහට නව ක්රමයන් අත් හදා බැලිය යුතුය. ජනාධිපතිතුමා කරන මෙම අධ්‍යාපන ප්‍රතිපත්යට සැවොම උදව්කළ යුතුය. උගතුන් බිහිවී, පාර්ලිමේන්තුවට උගතුන් බුද්ධිමතුන් අවොත් රටේ වෙනසක් කළ හැකිය.
හොද තීරණයක්. නමුත් උපාධිය ගත්තට පස්සේ මේ අය හිතනවා රජයේ රැකියාම කරන්න අවශ්‍යයයි කියලා. නොදුන්නම රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගම් හදාගෙන පාරවල් අවහිර කරලා උද්ඝෝශන කරනවා. මේ ගැනත් පොඩ්ඩක් බලන්න.