
(යොහාන් භාසුර)
උසස් පෙල විභාගය පැවත්වෙන පෙබරවාරි 17 වැනිදා දක්වා අඛන්ඩව විදුලි සැපයුමට ජල බලාගාර ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රමාණවත් ජලය සැපයීම සම්බන්ධයෙන් ජල කළමනාකරණ කාර්යාලය පෙබරවාරි 1 වැනිදින නැවත රැස්වී තීරණය කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ඉදිරි දිනවලදී ප්‍රමාණවත් වර්ෂාපතනයක් අපේක්ෂා කරන හෙයින් විභාග කාලයේදී අඛණ්ඩව විදුලිය සැපයීමට එය රුකුලක් වන බව එම කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට දන්වා ඇති බවත් රත්නායක මහතා කීය.
ජල බලාගාර වලට අමතරව ප්‍රමාණවත් පරිදි විදුලිය ජනනය සදහා අනෙකුත් බලාගාර අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම සදහා පියවර ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කර ඇති බවකි බව කී ජනක රත්නායක මහතා මෙම නියෝග පරිදි කටයුතු කිරීමෙන් උසස් පෙල විභාගය පැවත්වෙන කාලය තුලදී අඛණ්ඩව විදුලිය සැපයිය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ස්ථාවරය බවද සඳහන් කළේය.
ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ (29) මහවැලි අධිකාරියෙන්/ජල කළමණාකරන කාර්යාලයෙන් කල ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අද දිනයේ සිට විදුලිය කප්පාදුවෙන් වැළකිය හැකි පරිදි ප්‍රමාණවත් ජල සංචිත මුදා හැරීමට මහවැලි අධිකාරිය/ජල කළමණාකරන කාර්යාලය තීරණය කිරීම නිසා අද සහ හෙට (30 සහ 31) යන දිනයන්හිදි විදුලි කප්පාදුවක් නොවන බවද ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස් පෙළ සිසුන්ට එළිය දෙන්න සැලසුමක්
fairoos Monday, 30 January 2023 07:27 PM
ඉතාම හොඳයි. කාංචනට දැන් සැපද?
සිල්වා Tuesday, 31 January 2023 07:22 AM
මෙම කඹ ඇදිල්ල හමාර වෙන්න කලින් විභාගය අවසන් විය හැකිය.
Sunil Tuesday, 31 January 2023 08:50 AM
එලිය ලෙබෙන විට විභාගය නිමාවෙලා තියෙයි.
sam Tuesday, 31 January 2023 11:16 AM
කාන්චන කියන ඒකා හදන්නෙ විදුලිබල මණ්ඩලේ විකුනගෙන කන්ඩයි. ඔබතුමා කරන මේ සත් ක්‍රියාවට දෙවි පිහිටයි.