(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගයට අදාලව කිසියම් පුද්ගලයෙක් නීති විරෝධී ක්‍රියාවක නිරත වන්නේ නම් ආසන්නතම පොලිසියට, පොලිස් මුලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දියයුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
පොලිස් මුලස්ථානයේ 0112421111 දුකරථනයට, 119 පොලිස් ක්‍ෂණික ඇමතුම් අංකයට, 1911 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකයට, විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලයේ 0112785211 හෝ 0112785212 සහ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112784208 හෝ 0112784537 යන දුරකථනවලට පැමිණිළි කළ හැකි බවත් ලබන 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම ඇතුළු ක්‍රියාකාරකම් තහනම් බවත් කොමසාරිස් ජනරාල්වරයා කීය.
විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය හෝ සමාජ මාධ්‍යජාල මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබාගැනීම තහනම් බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සදඟන් කරයි.
උසස් පෙළ විභාගය මේ මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2200 කදී පැවැත්වීමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උසස් පෙළ විභාග නීති කැඩුවොත් දැනුම් දෙන්න
සිසිලා Saturday, 14 January 2023 05:02 AM
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියලා කියමනක් තියෙනවා ඇත්තටම යන්තමින් තාක්ෂණය දියුණුව ලබාගෙන තියෙන රටේ උපකාරක පංති කරන්න වෙනත් ක්‍රමයක් නැහැ කියන්න පුළුවන්ද පංති කලා කියලා දරුවන්ට පාඩුවක් කරන්න කවුද කැමති.