
(ෂේන් සෙනෙවිරත්න)
විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් අතර පැනනැගී ඇති උසස් පෙළ ප්‍රශ්නපත්‍ර ඇඟයිමේ ගැටලුකාරී තත්ත්වය තවත් දිනකින් හෝ දෙකක් ඇතුළත විසඳෙනු ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
ඒ මහතා ඒ බව පවසා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලද වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.
එහිදී ඒ මහතා පවසා සිටියේ එම ප්‍රශ්නය දී පෙරදාට වඩා ඊයේ හොඳ බවත් ඊයේට වඩා අද හොඳ බවත්ය.
මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමඟ තමන් සාකච්ඡා කළ බව පැවසූ මහාචාර්යවරයා එහිදී සාධනීය ප්‍රතිඵල ලැබී ඇති බවද පැවසීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර ගැටුම්කාරී තත්වයක් නොමැති බව පැවසූ ඒ මහතා තවත් දින දෙකක් තුනක් ඇතුලත මෙම ප්‍රශ්නය විසඳෙනු ඇති බවත් සුවෙච්චාවෙන් ඉදිරිපත් වන කණ්ඩායම් ඒ සඳහා ඉදිරිපත් වන බවට මේ වන විට ඉඟි පළවී ඇති බවද පැවසීය.
මෙම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු මහාචාර්යවරුන් විසින් ස්වේච්ඡාවෙන් කරන කටයුත්තක් බවත් එහි විශාල ගුණාත්මක භාවයක් රැකගත යුතුව තිබෙන බවද පැවසිය.
උත්තර පත්‍ර ඇගයීම් උත්තර පත්‍ර සකස් කිරීම් ආදී කටයුතු විභාග දෙපාර්තමේන්තුව සමග පෞද්ගලිකව ගොනු කරන අවබෝධතා ගිවිසුමක් යටතේ කටයුතු සිදු කරන බවත් ප්‍රශ්න පත්‍රවල රහස්‍ය භාවය අතිශයින් රැකී තිබෙන බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට වගකියන්න ඕනේ විභාග දෙපාර්තමේන්තුව. කෝල් කරලා බලන්න එපැයි. එන අය එයි. බැරි අයට නිකන් ඉන්න කියන්න. එහෙම කළානම් මුලදීම දැන් බලතල ඉවරයි.
උසස් පෙළ පිළිතුරුපත්‍ර පරික්ෂා කිරීම තම රාජකාරි කටයුතුවලට අයත් නොවන අමතර කාර්යයක් බව ආචාර්ය සමිති පවසයි. එසේ නම් ඔවුන් ගේ සාමාජිකයන්ට එම කටයුතු වර්ජනය කරන ලෙස ඉල්ලා සිටීම නිසා කවුරුන් හෝ ඒ සඳහා නොපැමිණ සිටීම තම තමන්ගේ පුද්ගලික තීරණයකි එසේ නම් ඒ පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට වගකිව යුතු රජයේ අංශ වහාම පියවර නොගැනීම මවිතයට කරුණකි.. තවද කිසිඳු මාධ්‍යවේදීන් පිරිසක් මේ ගැන ආචාර්ය සමිති මගින් නොවිමසන්නේ මන්ද? දරුවන් ලක්ෂ ගණනක් අසරණ වූ මෙම ප්‍රශ්නය පිළිබඳව කිසිඳු සති අන්තයේ පුවත්පතක් දරුවන්ගේ උත්තර පත්‍ර පරික්ෂා නොකිරීම නිසා ඇතිවන බලපෑම ගැන සලකා බලා නොමැත. බොහෝ මාධ්‍යකරුවන් පුරුදු වී ඇත්තේ රට බංකොලොත් කිරීමට කටයුතු කරන දේශපාලන තම ජීවිකාව කරගත් අමනයින් පසුපස හඹායමින් මයික් එක අල්ලන්න පමණි. මෙම ගැටළු නිසා දරුවන් දහස් ගණනකට මේ වනවිට ජීවිතය පවා එපා වී ඇත.
මෙයට දීර්ඝ කාලීන විසදුම් අවශ්‍යය.වර්තමානයේ ක්‍රියාත්මක පංතියෙන් පංතියට උසස් කිරීමේ දී අපොස සාපෙ, අපොස උපෙ විභාග කඩ ඉම් වෙනුවට ඔස්ට්‍රේලියානු ක්‍රමයට සරසවිය දක්වා සිසුන් ඇතුළු කිරීමේ ක්‍රමවේදය මගින් strike කාරයින්ට පිළිතුරු දෙමු.ජනපතිගේ කෙලින් ක්‍රියා මාර්ග යට ජය වේවා.