IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උසාවියෙන් කම්බි රෝල් පැන්නූ හොරා ගේට්ටුවේදී මාට්ටු

(නිමන්ති රණසිංහ )

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස නම් කර  තිබුු තඹ කම්බි රෝල් කිහිපයක් සොරකම් කර  හාල් උරයක බහා  පලා යෑමට තැත් කළ පුද්ගලයෙක්  අධිකරණ පොලිස් මුරපොළේ පොලිස් නිලධාරින් කණ්ඩායමක්  විසින් අද (19) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

දිවයිනේ ලියාපදිංචි  අපරාධකරුවකු බව පැවසෙන මෙම  සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව  කෙසෙල්වත්ත පොලිසිය පවසයි.

නඩුවකට පෙනී සිටීමට අධිකරණයට පැමිණ ඇතැයි කියන   සැකකරු  බන්ධනාගාර නිලධාරීන් සැකකරුවන්  පිටතට ගෙන යන අවස්ථාවේදී   එම බෑගයද  අතැතිව  ඉදිරිපස ගේට්ටුවෙන් එළියට යැමට උත්සාහ දැරූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගනු ලැබූ  තඹ කම්බි රෝල්වල බර කිලෝ පහකට අධික යැයිද   පොලිසිය සදහන් කළේය.

කිසියම් කණ්ඩායමක සහය ලබාගෙන  මොහු මෙම සොරකම කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීහු  මෙම සොරකම සම්බන්ධයෙන්  වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මේඅතර  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු  භාණ්ඩ ගබඩාවද  සොරුන් විසින් ඉකුත් (16) කඩා බිඳිනු  ලැබීය.



අදහස් (2)

උසාවියෙන් කම්බි රෝල් පැන්නූ හොරා ගේට්ටුවේදී මාට්ටු

Bamunuarachchi Thursday, 19 October 2023 07:22 PM

පොලිසියට ගෙනත් ධර්මචක්‍රය පිටේ බැඳලා දෙක තුන දෙනකොට කියාවි කවුද උදව් කළේ කියලා...

:       0       1

අනවධානය Thursday, 19 October 2023 07:32 PM

ජේලර්ලා සිරකරුවන් ගෙන යන්නෙ දෑතේ විලංගු දමා ගෙන තමයි ඒ වගේම සිරකරුවන්ට ආරක්ෂාව දීමට වෙනත් අයට කිට්ටුවෙන්න දෙන්නෙ නැහැ කියලා හිතෙනවා එහෙම තියෙද්දි මෙහෙම වෙන්නෙ කොහොමද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 151 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site