(අංජුල මහික වීරරත්න)
උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ලබාදෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය යෝජනා වලින් රුපියල් බිලියන දෙකක් වෙන් කර ඇත.
උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ නිදහස් ඔප්පු දස දහසක් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ලබන 5 වැනිදා පැවැත්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසූයේ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කරන බවත් එහි මූලික වැඩසටහන ලෙස ඉඩම් ඔප්පු දස දහසක් 2024 මුල් කාර්තුවේදීම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොපිට ලැබිල තියන අන්තිම අවස්තාව එන ජනාධිපතිවරණයයි.හදවතින් නැතුව මොලේ කල්පනා කරලා චන්දෙ දීපල්ලා .එහෙම නැතුව මේ පාරත් අන්ධ ලෙස වැඩ කරලා වැඩේ අනාගත්තොත් වැඩ වර්ජන ,උද්ඝෝෂණ ,පෙළපාලි තියන්නයි ,අරවා මෙහෙමයි මේවා මෙහෙමයි කියලා හමිනෙන්න හදන්නත් එපා.