IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උයන්වත්ත වැවේ මළ සිරුරක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම උයන් වත්ත වැවට වැටී අතුරුදන් පුද්ගලයාගේ මළ සිරුර උයන්වත්ත වැවේ රාජගම තොටුපොළ ප්‍රදේශයේ පාවෙමින් තිබියදී ඊයේ (4) හමුවූ බව බණ්ඩාරගම පොලීසිය කියයි.

එම පුද්ගලයා කාගේ කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැත.

උයන් වත්ත වැවේ දිය නෑමට පැමිණි තරුණයන් පිරිසක් විසින් පිරිමි පුද්ගලයකු ගේ ඇඳුම් පැළඳුම් පාවහන් යුගලක් සහ හිස් මත්පැන් බෝතලයක් දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සිදු කළ විමර්ශන වලදී මෙම මළ සිරුර හමුවී ඇත

මෙම පුද්ගලයා මත්පැන් පානය කිරීමෙන් අනතුරුව දියනෑමට ගොස් දියේ ගිලෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි

සිරුර තිබෙන ස්ථානයට හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා පැමිණ මූලික විමර්ශන සිදු කළේය

පාණදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ සිදු කළේය

මියගිය පුද්ගලයා කාගේ කවුදැයි හඳුනා ගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මෘත ශරීරය හොරණ මූලික රෝහලේ තැන්පත් කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා නියෝග කළේය



අදහස් (0)

උයන්වත්ත වැවේ මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 227 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site