(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායිකා සහ කොළඹ නාගරික මන්ති‍්‍රනී උමාචන්ද්‍ර ප්‍රකාශ් මහත්මිය සහ දෙමළ ජාතික ප්රගතිශීලී පක්ෂය මහ ලේකම් ආරුමුගම් ජොන්සන් යන මහත්ම මහත්මීන් ඇතුලූ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේ දී ප්රජාතාන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කිරීමට එක්විය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී තිස්ස අත්තනායක මහතා විසින් අද (6) එම පිරිස පිළිගනු ලැබූහ.
එහිදී අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කර සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඡන්ද ව්‍යාපාරය විශාල ජනතා ආකර්ශනයක් මැද්දේ සාර්ථකව අවසන් වෙමින් පවතින බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයින් පාක්ෂිකයන් සහ උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ඇතුළු විශාල පිරිසක් පාට, පක්ෂ, භේදයකින් තොරව සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාර වටා ඒකරාශී වෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා අහිමි වූ බලය, තනතුරු, මුදල් හා වරප්‍රසාද ලබා ගැනීමේ වුවමනාවෙන් ජනාධිපතිවරණයට තරග කරද්දී සජිත් පේ‍්‍රමදාස මහතා ප්රජාතන්ත්රවාදය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් රට ගොඩනැගීමේ අරමුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බවත් ඔහු පැවැසීය.
තමන් කිසි ලෙසකවත් ශ්රීලනිපය සිටියදී මෙවර මැතිවරණයේ දී සජිත් පේ‍්‍රමදාසට සහය පළකරමින් ඡන්දය ලබාදෙන බවත් එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායිකා සහ කොළඹ නාගරික මන්ති‍්‍රනී උමාචන්ද්‍ර ප්‍රකාශ් මහත්මිය ප්‍රකාශ කළාය.
පොහොට්ටුව දිනවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබෙන තීරණය සමඟ එක්වීමට නොහැකි බවත් පැවසූ මන්ත්‍රීවරිය පක්ෂ නායකත්වය විසින් පාක්ෂිකයන් සහ සංවිධායකයින් අතරමං කර ඇති බවත් පැවසුවාය.
එම අවස්ථාවට එක්වූ දෙමළ ජාතික ප්රගතිශීලී පක්ෂයේ මහ ලේකම් ආරුමුගම් ජොන්සන් මහතා ප්‍රකාශ කලේ ජාතික සමගිය ආරක්ෂා කරමින් රටේ සියලූ ජනතාවට සමගියෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය කළ හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාට බැවින් තමන් මෙම තීරණය ගත් බවයි.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ද එක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. සුබ පැතුම් සජිත් සියයට 90ක මුස්ලිම් ඡන්දත් ඔබටයි.
සජිත්ගේ පොරොන්දුවෙන් මට නැගුණු ගැටලුවක් ඇත. කරුණාකර එජාපයේ දන්නා කෙනෙක් පහදන්න. සාමාන්‍යයෙන් කාන්තාවන්ට ඔසප් නැවතීම අවුරුදු 45 සිට 75 පමණ වනතෙක් සිදුවිය හැක. එවිට මේ අවශ්‍යතාවය හොයාගන්නේ කෙසේද? නැත්නම් රජයේ මුදල් අවභාවිතා කළබවට චෝදනා නගනු ඇත...
කොහේ හිටපු උන්දැලාද මේ? ශ්‍රී ලංකා එකේ ජන 50% ගානේ බෙදුණත් මේ පාර සජිත් පරාදයි. ලියලා තියාගන්න 17 වෙනිදා උදේට අපි වෙබ් පිටුවෙන්ම ගෝඨාභයගේ ජයග්‍රහණයත් එක්කම හමුවෙමු.
ඔව් මොහොමඩ් එතකොට ඔයාලටත් ලේසිනේ. හැබැයි ඒක වෙන එකක් නැහැ.
මේ අයගෙන් තව මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? කෙසේවෙතත් මේ පාර හුඟක් මුස්ලිම් ඡන්ද ගෝඨාභයට යන පාටක් නම් පේනවා. හල්මැස්සෝ පක්ෂ මාරු කළාට කිසිවැඩක් වෙන්නේ නැහැ.
දෙමළ ඩයස් පෝරාවේ මුදලට ලොල් වී ඒ අය ගියාට පාක්ෂිකයා පක්ෂය සමඟයි. ගිලෙන නැවට නැගලා ගිලෙන්නයි හදන්නේ සුබගමන්...!
පරාදවෙන බව දැනගෙන ඕනෙම ගිවිසුමක් ඕනෙම කෙනෙක් එක්ක ගහනවද? නැත්නම් කොහොමහරි දිනාගන්න ඕනෙම එකක් කරනවද මෙහෙම ගිවිසුම් ගහලා දේශීය සහ විදේශීය දිනුවත් මේ ප්රතිවිරෝධී කණ්ඩායම සමනය කිරීම් සඳහා මර්දනය කැඳවිය යුතු වෙනවා.
හොඳයි.. යන එක... අපිට පුළුවන් හොඳට රටේ නීතිය හදාගන්න ඉන්න බැරිඅය ගියාට ගෝඨාභය පරදින්නේ නැහැ.. ගිය අය ආපසු එනු ඇත.
මෙයාලා මෙතන තාවකාලික ආශ්වාදයක් ලබන්නේ. මේවට කලබල වෙන්න ඕනේ නෑ. කවුරු කොහොම සෙල්ලම් දාන්න හැදුවත් මේ පාර රටට ආදරේ ජාතිමාමක සැබෑ ශ්‍රී ලාංකිකයෝ ඔක්කොම ගෝඨාභය දිනවන්න තමන්ගේ ඡන්දය පාවිච්චි කරනවා. අන්තවාදී විශබීජ මගේ රටින් අතුගාපු දවසක තමයි මේ අවස්ථාවාදී දේශපාලකයින්ට අහිංසක සිංහල, දෙමළ , මුස්ලිම් මිනිස්සුන්ව ඇපයට අරන් ඒ අය ගෙවන බඩගෝස්තරවාදී දේශපාලනය නවත්තන්න වෙන්නේ. එතකන් රටගැන හිතන මිනිස්සුන්ට තැනක් නෑ. ගෝඨාභය ඒක මේ පාර කරනවා.
සජිත් 75%කට ආසන්න ප්‍රතිශතයකින් දිනනවා