(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් තුන්ලක්ෂ හැත්තෑ පන් දහසක මාසික කුලියකට මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ලබා ගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය.
ඒ අනුව මෙම මෝටර් රථය වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් පසුගිය 2022 මැයි 31 දක්වා නීති විරෝධීව ගෙවා ඇති බව රජයේ විගණකාධිපතිවරයා කෝප් කමිටුව හමුවේ පැවසීය.
මේ අතර ඉන්ධන ලීටරයක් රුපියල් 250 ක මුදලකට ලබා දිය හැකි බවට හිටපු සභාපතිවරයා කළ ප්‍රකාශයද අසත්‍යයක් බව ඔහු සඳහන් කළේය.
සමස්ත ජනතාව නොමග යවමින් හිටපු සභාපතිවරයා කළ එම ප්‍රකාශය අසත්‍ය බවට ජනතාවට ප්‍රසිද්ධ නිවේදනයකින් සති දෙකක් ඇතුළතදී දැනුම්දෙන ලෙසට කමිටුව නිලධාරින්ට නියෝග කළේය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 6 වැනිදා රැස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු සභාපති ත් මෙ වගෙ එහෙයියෙක් උනානම් කිසිම ප්‍රශ්නයක් නෑ. අඩුගානෙ එ මනුස්සය ජනතාව පැත්තෙන් බැලුව. මෙයා ඇවිල්ල ගොට්ට අල්ලල වැජබෙන්න වගේ හදන්නෙ. මෙ එක කාර් එකට මෙච්චර කතා කරනව. හිටපු ජනපතිල වාහන 500 ක් පවිච්චිකලා කියනව, ඒවට කිසි කතාවක් නෑ. පිස්සො රජකරන සුන්දර රටක් මෙක.
ඔය කියන කොමිටිවලින් මෙච්චර කාලෙකට මොනවාද කරලා තියෙන්නේ? කාලය සහ මහජන මුදල් නාස්ති නොකර යන තැනක යනවලාකෝ…!
මෙයා සුදනා වගේ සිටිමින්, අනෙක් අයට චෝදනා එල්ල කරමින් කර තිබෙන වැඩ නම් අතිශය දූෂිතයි. එළවලාම දෙමු.... ඒක බොහෝම හොඳයි. වාහන කුලිය වශයෙන් මුදල් ගෙවා තිබෙන්නේ රේඛනය නොකළ මුදල් චෙක්පත් මගින්... මෙවැනි මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරීම වෙනුවෙන් ගනු ලබන පියවර කවරේද?
මේවා නිවුස් විතරයි දඬුවම් කෝ...?
දැන් ලංකාවේ ඉන්න ලොකුම හොර බොරු කාරයින්...!
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා කරන ප්‍රකාශද අනාගතයේදී මෙවැනි තත්වයකට පත්වන බවක් පෙනේ...