IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උපන් රටට ගිය මූතූට බඩගිනි වැඩිලු

(විමුක්ති එස් රුද්‍රිගු)

තායිලන්තයට ගිය ‘‘මුතු රාජා හෙවත් ‘‘සක් සුරින්‘‘ ඇත් ගොව්වන් කැටුව ලම්පාන්ග් පළාතේ අලි ඇතුන් රැක බලා ගන්නා මධ්‍යස්ථානය වෙත ගිය ගමනේදී විනාඩි 5 - 10 කට වරක් කෑම ඉල්ලා හඬා වැටුණු බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇත් ගොව්වන් සක් සුරින්ට කෙසෙල් බොඩ, උක් ගස් සහ තණකොළ ලබා දෙන විට හඬා වැටීම නවත්වා ඒවා ආහාරයට ගත් බව තායිලන්ත මාධ්‍යවේදීන් පවසා ඇත.

සක් සුරින්ව සෙවණ තිබෙන සුළං හමන ගස්වලින් වටවූ ස්ථානයක රඳවා සිටින බවත් එම ස්ථානයට පුරුදු කිරීම සඳහා සක් සුරින්ගේ පාදයක් ලණුවකින් ගැට ගසා තිබෙන බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.

ලේ පරීක්ෂණ කිහිපයක් මේ වන විට සිදු කර ඇති බවත් ඒවායේ වාර්තා තවත් දවස් කිහිපයකින් ලැබෙනු ඇති බවත් එම මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

දින 30 ක නිරෝධායන කාලයකින් පසුව ජනතාවට සක් සුරින් මුණ ගැසිය හැකි බව එම මධ්‍යස්ථානයේ නිලධාරීන් පවසා ඇත.

 



අදහස් (5)

උපන් රටට ගිය මූතූට බඩගිනි වැඩිලු

rani Monday, 03 July 2023 03:15 PM

අපේ යක්ඛ පුත්තු සතාට කෑම ටිකක්වත් දෙන්නේ නැතිවද යවලා තියෙන්නේ?

:       0       0

පියනන්ද Monday, 03 July 2023 03:49 PM

අපේ රටේ හිටිය කාලය තුළ ඒ අසරණයාට හරිහැටි කෑමවත් ලැබිලා නැති පාටයි. ගුටිකන්න වෙන හින්දා ඉල්ලන්න නැතුව ඇති. ඒකනේ තමන්ගේ රටේ කරුණාවන්ත මිනිස්සු ළඟදී කෑම ඉල්ලලා අඬන්නේ...!

:       0       0

Chathuri Monday, 03 July 2023 04:03 PM

මිනිස්සුන්ට කන්න නැති කොට... රටේ සත්තු ගැන කවර කතාද? මොනවා හරි පිනකට ඇතා නැවත ගියා. ඔය වගේ හඬා වැටෙන සත්තු, පොඩි දරුවෝ කොයිතරම් ඉන්නවාද? ඒවා පාලකයින්ට ඇහෙන්නේ නැහැ. බිහිරි අලියන්ට වීනා වයනවා වගේ... ඒ බඩ කට වහන්න බැරි තරමට පිරෙනවා...

:       0       0

Bunny Preena Tuesday, 04 July 2023 10:43 AM

අලි බලන්නන් අලින්ට හෙන්ඩුවෙන් දස වද දෙන එක නැවත්වීමට කාලය එළඹ ඇත .සමහර අලි බලන්නන් ඉන්නේ බීමත්වයි .මුතු රාජා සම්බන්ධ කාරනාව ලංකාවට විශාල අපකීර්තියක් ගෙන දුන්නා

:       1       7

Kandy Tuesday, 04 July 2023 08:21 PM

අලි ඇතුන් නිදහස් භූමියක් තුල ජීවත් වෙන්න සලස්වන්න ඕන .බලාගන්න සුදුසු මිනිස්සු පත්කරනවානම් වටිනවා .අනිකුත් සතුන්ටත් එසේම ඒ අයිතිය ලබා දෙනු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site