
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල නගරයේ වෙළද සැල් දෙකක් අද (22) අළුයම නිරුවතින් පැමිණි සොරෙකු විසින් බිද ඇතැයි වාරියපොල පොලිසිය කියයි.
මෙම සොරා එක් වෙළද සැළකට වහළයෙන් බසින ආකාරය සහ එහි ඇති මුදල් සහ භාණ්ඩ සොරාගන්නා ආකාරය එම වෙළද සැළේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී තිබිණ.
වෙළද සැළ හිමිකරු කියා සිටියේ රුපියල් ලක්ෂයකට අධික වටිනා කමින් යුතු කුඩ තොගයක් සහ මුදල් සොරාගෙන ගොස් ඇති බවයි. වාරියපොල පොලිසියේ අපරාධ අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් වල තියෙන රස්නේ හැටියට ඉතින්... පොඩ්ඩක් හුලං වැදි වැදි...