(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ හිටපු උපදේශකවරුන් දෙදෙනෙකුට කිසිදු සේවයක් ලබා නොගෙන රුපියල් ලක්ෂ 27ක මුදලක් ගෙවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.
මේ දෙදෙනා පත්කර ඇතැයි පැවසෙන්නේ හිටපු අමාත්‍යවරයාගේ නිර්දේශ මතය.
මින් එක් උපදේශකයකු සමාගමට 2020 දෙසැම්බර් 07 වන දින උපදේශකවරයෙකු ලෙස බඳවා ගෙන රුපියල් ලක්ෂ 18 ක මුදලක් ගෙවා ඇතැයි කෝප් කමිටුව පවසයි.මෙයට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත නිදහස් කර තිබූ තවත් උපදේශකයකු සදහාද සමාගමට කිසිදු සේවයක් නොගෙන උපදේශක ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 9 ක මුදලක් ගෙවා ඇතැයි විගණකාධිපතිවරයා කරුණු පෙන්වා දුන්නේය.
මේ සඳහා එවකට අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු බවද කෝප් කමිටුව පෙන්වා දුන්නේය.
මේ අතර රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු අලෙවි ප්‍රධානියාට රුපියල් ලක්ෂ 25 ක පාරිතෝශික ගෙවීම පිළිබද පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස කමිටුව නියෝග කළේය.
සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ 2020 හා 2021 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබද විමර්ශනය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
මේ අතර ආයතනයේ සිටි 1200 කට ආසන්න සේවක සංඛ්‍යාව මේවන විට 972 දක්වා අඩුකොට ඇති බවත් මෙම ප්‍රමාණය 850 දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති අනුෂ පැල්පිට මහතා මෙහිදී පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
උපදේශකවරුන් දෙන්නෙකුට ලක්ෂ විසි හතක් නිකන් පඩි ගෙවලා