
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නොකළ වරදක් බාර ගන්නා ලෙසට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයකුගේ බලපෑමකට ලක්වීීීීමෙන් සිත්තැවුලට පත්ව සිටි බව කියන උප ලුතිනන්වරිියක අද මහනුවර සිට කොළඹ බලා ධාවනය වු අන්තර් නගර සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මරණයට පත් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව මීරිගම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ යුද හමුදා කඳවුරක සේවයේ නියුතුව සිටි මීරිගම ලින්දර පමුණුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරීයක වූ ගමරාළලාගේ නිෂ්මි හසාරා ගමගේ නමැති 23 හැවිරිදි අවිවාහක තරුණියකි.
මියගිය තරුණිය දෙවසරකට ඉහතදී යුද හමුදාවේ උප ලුතිනන් වරියක ලෙස සේවයට එක්ව ඇතැයි ද ඉකුත් 29දින නිවාඩු ලබා නිවසට පැමිණි ඇයට පසුදිනම පරීක්ෂණයක් සඳහා දියතලාව කඳවුරට කැඳවා ඇති අතර පසුව වෙනත් දිනයක් ලබා දී ඇති බවද මූලික පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.
ඒ අනුව ඇය 4;දා හිඟුරක්ගොඩ කඳවුරට ගොස් නිල ඇඳුම් ලබාගෙන පසුදින දියතලාව කඳවුරේදී අදාළ පරීක්ෂණයට පෙනී සිට ඇත. එදින රාත්‍රියේ ම ගනේමුල්ල වෙසෙන සිය සොහොයුරාගේ නිවසට පැමිණිිඇය පසුව නිවසට පැමිණ සිටියදී ඊයේ 7 උදේ මෙසේ දුම්රියේ ගැටිමෙන් දෙපා ඉන ප්‍රදේශයෙන්ම වෙන් වී බරපතළ තුවාල ලබා මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි .
උපලුතිනන්වරියගේ දේහයේ ශරීර කොටස් මීරිගම දුම්රිය ස්ථානයේ තිබියදී පරීක්ෂාවට ලක් කළ මීරිගම හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය තුසිත ප්‍රමෝද් විජේවර්ධන මහතා එහිදී මියගිය අයගේ මව වන කේ.ටී. මානෙල් ශ්‍රියාලතා 56 මහත්මියගේ සාක්කි සටහන් කර ගැනීමේදී ඇය මෙසේ පැවසුවාය .
දියණිය නිවාඩු ආ දවසේම රාත්‍රීයේ පරීක්ෂණයක් සඳහා දියතලාවට එන්න කියා පණිවිඩයක් ලැබුණා. ඇය එහාට මෙහාට කතා කිරීමෙන් පස්සේ ඒ සඳහා වෙනත් දිනයක් ලැබුණා. දියණිය පසුගිය දෙසැම්බර් වලදී වැඩිදුර පුහුණුවක් සඳහා හම්බන්තොට ප්‍රදේශයට ගොස් සිටිය දී කඳවුරේ පැවති බඩු ගණන් ගැනීමේ පරීක්ෂණයක් සඳහා ඇය සහභාගි වූ බවට චෝදනා කර තිබුණා . ඇය කිව්වේ එම පරීක්ෂණයට තමන් සහභාගි නොවූ බවයි .
ඒ අනුව ඇය පසුව දියතලාව කඳවුරේ පරීක්ෂණයට පෙනී සිටියා. එය එහි එහි සිට මට කතා කර පැවසුවේ අදාළ ලේඛනයේ ඇති අස්සන තමාගේ නොවන බවයි.
ඒ බවට ඇය ලිපියක් දුන් බවද පැවසුවා. අස්සන තමන්ගේ බවට පිළිගන්නා ලෙසට එහි කපිතන් වරයෙකු බලපෑම් කළ බව ද ඇය සඳහන් කළා.
නිවසට පැමිණි පසු ඇය මිතුරියක හා කළ කතාබහේ දී පරීක්ෂණ මණ්ඩලයේ සිටි නියෝජ්‍ය අණදෙන නිලධාරීවරයෙකු ඉතාමත් අසභ්‍ය ආකාරයට ඇයට බැන වැදී ඇති බව මට දැන ගන්න ලැබුණා.
එසේ තිබිය දී ඇය අද දින යළි රාජකාරි වාර්තා කිරීමට නියමිතව තිබුණා නැවතත් ඇයට අද දියතලාවට පැමිණෙන්නට දැනුම්දීමක්ද තිබුණා . දියණිය පැවසුවේ තමන් මෙම වරද නොකළ බව බවද ඇය මෙහිදී පැවසුවාය .
වැඩිදුර පරීක්ෂණ කටයුතු පසුවට කල් තැබූ හදිසි මරණ පරීක්ෂකවරයා දේහය පිළිබඳ පශ්චාත්මරණ පරීක්ෂණය පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙසට වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා නිලධාරිවරයා වෙත නියෝග කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට නිවන්සුව ලැබේවා.!... පෝන් අරගෙන දුම්රිය මාර්ගයේ ගමන් කරනකොට පස්ස බලන්න. නැත්නම් කෝච්චිය පිටිපස්සෙන් ඇවිත් හප්පනවා..!
තමන්ගේ යටත් සේවකයින් මේ විදියට තලා පෙලීම හෙලා දැකිය යුතුයි. තමන්ගේ වරදක් තමන්ට යටත් සේවකයින් පිට පටවා තමන්ගේ තරු බේරා ගැනීම තමයි මේ අරමුණ... මේ නිලධාරීන්ට එරෙහිව හරියට නීතිය ක්‍රියාත්මක කරන්න...
අනුර ජනාධිපති වුණු ගමන් කරන්න ඕනෑ එක වැඩක් තමයි යල්පැන ගිය හමුදා නීති ටික වෙනස් කරන එක... ඉහළ නිලධාරීන් පොඩි මිනිස්සුන්ට සලකන්නේ සත්තුන්ට වගේ. හොරාකෑම අසීමිතයි. වරප්‍රසාද අසීමිතයි.
ලිංගික අතවර වලට අකමැති වූ විට ඉහළ නිළධාරීන් මෙවැනි චෝදනා වලට කාන්තා නිළධාරීන් හසු කරන වගත් ,දිගින් දිගටම හිංසා කරන වගත් මා අසා තිබෙනවා.මෙවැනි නින්දිත ක්‍රියා නතර කිරීමට ගෞරවනීය ඉහළ නිළධාරීන් කටයුත් කරන්නේ නම් හොඳයි නමුත් ඒවා එසේ වන්නේ නෑ. අධික නිළධාරීවාදය හමුදාව සහ පොලීස්ය තුල තදින්ම ඇති වග අසා , කියවා තියෙනවා.
හමුදාවේ සත්‍ය තත්ත්වය ඔහොමයි. හමුදාවට යනවානම් ජිවිතය ගැන ආසාව අත් හැරලා යන්න ඕනැ..
පරීක්‍ෂණ හරියටම ක්‍රියාත්මක වුනොත් හොදයි.. ඒ ළමයගේ ආත්මයට සැනසීමක් ලැබෙයි. ඕවයේ හැටි ඔහොම තමා. නොකල වරදකට කියන්නේ කවුරැ හරි වරදක් කරලා තියෙනවා. හොරාට නම් සැනසීමක් කවදාවත් හිමි නොවේවා.
පවු... නිලධාරියා ගැන සොයා ඔහුට දඬුවම් කළයුතුයි. නිවන් සුව
ඔහොම දේවල් රටට එතරම් හිතකර නොවෙයි කියලා හිතෙනවා... මෙහෙම වුණාම හමුදාවේ සේවය සඳහා කිසිවෙක් ඉදිරිපත් නොවෙන්න පුළුවන් වගකිවයුතු අයගේ අවධානයට යොමුවේවා...!
ඔය වායේ ඉහළ නිලධාරීන් ආණ්ඩුවේ දේශපාලකයන්ව රකින ගමන් ඔවුනොවුන්ගේ මඩිය තරකර ගන්න එක තමයි කරන්නේ. දේශපාලුවන් ඔවුන්ව රකිනවා.
T56 අරන් කෙලලා දැම්මා නම් ඉවරයි.