(මනෝප්‍රිය ගුණසේකර)
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසල උද්ඝෝෂණයක් කොට එහි දේපළවලට අනර්ථය කළ බවට චෝදනා ලැබ සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විශ්ව විද්‍යාල සිසුන් 22 දෙදෙනෙකු කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.
වසර 13කට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසල උද්ඝෝෂණයක් කොට එහි දේපළවලට අනර්ථය කළ බවට පොදු දේපොළ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබුණත් පැමිණීල්ල විසින් කිසිඳු චෝදනාවක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් විත්තිකරුවන් සිය`ථ දෙනා සිය`ථම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.
2010 ඔක්තෝබර් 14 වැනිදා හේ ඊට ආසන්න දිනයක කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් කොට එහි දේපළවලට අනර්ථයක් කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණී.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ 2010 වසරේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කළ උදුල් ප්‍රේමරත්න ඇතුළු විශ්ව විද්‍යාල සිසුන් 22 දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපොළ පනත යටතේ මෙම නඩුව පවරා තිබුණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සියතීරණය ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නඩු විභාගයේදී පැමිණීල්ල විසින් ඉදිරිපත් කොට නැතැයි සැඳහන් කළේය.
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් ඔප්පු කොට නැතැයි තීන්දු කළ විනිසුරුවරයා සිය`ථ විත්තිකරුවන් සියළුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උදුල් ඇතුළු සරසවි සිසුන් 22ක් නිදොස් කොට නිදහස්