(ජේ.කේ.එල්. චාමින්ද)
මානවිල උපනන්ද විදුහලේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි යුද හමුදා සෙබළෙකු විසින් කළ වෙඩි තැබීමේදී මියගිය තිදරු පියාගේ උදරය පසාරු කරගෙන වෙඩි උණ්ඩය පිටුපස ප්‍රදේශයෙන් පිටවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා පාසලට අනවසරයෙන් ඇතුළු වීමට යාමේදී එහි රාජකාරියේ යෙදී සිටි යුද හමුදා සෙබළෙකු විසින් වෙඩි තබා ඇත.
තිදරු පියගේ උදර කුහරයට වෙඩි වැදීමෙන් රුධිර වාහිනී වලට වූ බරපතල තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීමෙන් මොහු මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂා හැන්නදි මහත්මිය සඳහන් කළාය.
පපුවට පහළින් උදර කුහරයට වෙඩි වැදී ඇති බවත් වෙඩි වැදීමෙන් උදරයේ රුධිර වාහිනී කඩාගෙන ගොස් තිබූ බවත් විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය සඳහන් කළය.
මියගිය තිදරු පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (4) පස්වරුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව අසමත් ජාතියක්
ලංකාවේ මිනිසුන්ගේ දැන් "මිනිස්කම" යන ගුණාංගය ඇත්තෙම නැති බවයි... මේ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ...
මේ හමුදාව දැන්වත් අස් කරන්න. නැත්නම් තව ජීවිත නැති වෙන්න පුළුවන්.
"මිය ගිය පුද්ගලයා පාසලට අනවසරයෙන් ඇතුළු විමට යාමේදී".. අපරාධයක් සාධාරණය කිරීම සඳහා බලධාරීන් මෙවැනි මත සමාජගත කරනු ඇත. දැනටමත් වැරදි කරවා වි ඇත්තේ මිය ගිය පුද්ගලයායි. මෙම අපරාධය සාධාරණය කරන කිසිවකුත් මිය ගිය මනුෂ්‍යාගේ වගකීම තම පවුල වෙනුවෙන් ඉටු නොකරනු ඇත.
දොරටුවකට ආරක්ෂක නිලදාරියෙක් පත්කරලා තියෙන්නේ එතන අල හිටවන්න නොවෙයි. මේ මරණයට පත් වුන මනුස්සයා දොරටුවේ ආරක්ෂයාට තර්ජනය කරමින් මේ ආරක්ෂාවෙන් නියුතු බිමට ඇතුල්වීමට තැත් කරද්දී උදරයට විතරක් නොවෙයි කොහෙට වෙඩි තිබ්බත් කරන්න දෙයක් නැහැ. මෙතන මේ ආරක්ෂක නිලදාරියා නියෝගය පිළිපදිමින්, රාජකාරිය ඉෂ්ට කරලා තියනවා. මේ සිද්දියේ සියලු වගකීම් බාරගත යුත්තේ " බාහිර පුද්ගලයෙක් පාසලට කැඳවාපු, දොරටුවේ ආරක්ෂක නිලදාරීන් දැනුවත් නොකරපු ගුරු මණ්ඩලයයි !!! සිද්දිය ගැන කණගාටු වෙන අතර අපේ ආරක්ෂක නිලදාරීන් ගැනද අපි ඉතා ආඩම්බර වෙමු .
මුරකාවල් සඳහා බල්ලන් වෙනුවට මිනිසුන් යොදන්නේ මිනිසුන් විදිහට හිතලා තීරණ ගනීවී යයි සිතන නිසා.
මෙතන ප්රශ්නය වෙලා තියෙන්නේ, ලෙඩ ළමයව ගන්න ගිහිල්ලා නොවෙයිනේ. අනෙක් දරුවව ගන්න ගිහිල්ලා.. ගිහින් තියෙන්නෙත් බලහත්කාරයෙන්... අද රටේ තියෙන තත්වය, රටේ අනතුරුදායක තැන්වල හැසිරෙන විදිහ, ගැන සමහර පියවරුන්ට තියෙන්නේ පුදුම නොසැලකිල්ලක්.. පියවරු මීට වඩා වගකීමෙන්, දැනුවත් කමින් දිවි ගෙවනවා නම්, මෙවැනි අවාසනාවන්ත මරණ ගැන අපට අසන්නට, දකින්නට නොලැබෙනවා ඇති. අගතියට පත් දරුවන්ට සෙතක් වේවා!.
මියගිය තැනැත්තා හිටපු නාවික හමුදා නිලධාරියෙක් වෙලත් රැකවලට සිටි හමුදා සෙබලාගේ අනට අවනත නොවීම කනගාටුවට මෙන්ම පුදුමයට කරුණකි. කෙසේ වුවත් අපි ඔහුට නිවන් සුව පතමු
මේක බරපතල තත්වයක්... ආරක්ෂාව වෙනුවෙන් කියලා එන මනුස්සයාව නතර කරලා පරික්ෂා කරන්න තිබුණා.. අවම මට්ටමෙන් මේ විදියට අණ නොතකා ගියා කියලා කෙනෙක් මරා දැමුවා.. ආරක්ෂක අංශවලට තියුණු ඇසක් තිබිය යුතුයි. සාමාන්‍ය කෙනා සහ ත්රස්තවාදියා හඳුනාගන්න බලෙන් ඇතුල් වෙන්න හැදුවානම් පහර දීලා හෝ නතර කර ගැනීමට තිබුණා. මෙය බලය ඉක්මවා ක්‍රියා කිරීමක්... හෙට, අනිද්දාම පාසල් සිසුවෙකුට හෝ සිසුවියකටත්, ගුරුවරයෙකුටත් මෙවැන්නක් නොවේය කියා කිව හැකිද? මේ තැනැත්තා ගේට්ටුව කඩාගෙන ගිහින් නැහැනේ.. අනෙක පාසලේ පරිපාලනය මීට වඩා ක්‍රමවත් වැඩපිළිවෙලක් අනුගමනය කලයුතුයි. දෙමව්පියන්ට නොයෙක් අවශ්‍යතාවලට පාසලට යන්න වෙනවා. අනෙක අසත්‍ය ප්‍රචාරයක් අාවොත් දෙමාපියන් පාසැල ළඟට යනවා. එතකොට ඒ මිනිස්සු වෙඩිකාලා මැරෙන්නද වෙන්නේ? මීට වඩා වගකීමෙන් වැඩකළ යුතුයි.
මම හිතනවා මේ හමුදා නිලධාරියා කලේ ඔහුට දුන්නු රාජකාරිය... මියගිය පුද්ගලයා නාවික හමුදාවේ සිටි අයෙක් නම් ඔහු තුල මීට වඩා විනයක් තිබිය යුතුව තිබුණා. ඒ වගේම පාසලෙන් ආරක්ෂක නිලධාරීන් දැනුවත් කළ යුතුව තිබුණා. රෝගී වූ දරුවෙකුගේ නිවසෙන් කෙනෙකු එන්නට ඉඩ තිබෙන බව... යම් විදියකින් ඒ පුද්ගලයා දරුවන්ට අනතුරක් සිදුකළා නම් එවිටත් වැරදිකරු වන්නේ මේ හමුදා නිලධාරියාමද? ආරක්ෂාව කියන්නේ මොකක්ද? දැන් හරි ප්‍රශ්න ඉවරයි කිව්වම ඉවර වෙන තත්වයක්ද? මම හිතනවා විදුහල්පති සහ ගුරුවරුන්ගේනුත් ප්‍රශ්න කළ යුතුයි...
දරුවා ලෙඩින් කියලා පාසලෙන් ගෙදරට පණිවුඩයක් යැව්වහම මව්පියන් කලබල වෙන බව ගුරුවරු දැනගත යුතුයි. ඒ නිසා එහෙම දරුවෙකුගේ කවුරුහරි ගෙදරින් ආවොත් පාසලට ඇතුළුවන්න දෙන්න කියා ළමයාගේ නම ආරක්ෂක භටයාට දෙන්න තරම්වත් ගුරුවරු ක්‍රියාශීලි නැති වග නොවයිද මේ ඔප්පු වී තිබෙන්නේ. සම්පුර්ණ වරද ගෙදරට පණිවුඩය යවපු ගුරුවරයා ආරක්ෂක භටයා එසේ දැනුවත් නොකිරීම නෙමෙයිද? රජයේ ඉහලම සිට පහල දක්වා සියලුම සේවකයෝ තනතුර තම ආභරණයක් කරගෙන වැජබෙන්න උත්සහ කරනවා විනා තම වගකීම ඉටු නොකරන බව ඉතා පැහැදිලියි. පාසල්වල හරියට උගන්වනවානම් පුද්ගලික පංති වලට ළමයි යයිද? හැමතැනම දුෂණය.