(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේ සුළු වැඩි වීමක් පෙන්නුම් කරන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
ඒ අනුව සැප්තැම්බර් මාසයේ සියයට 1.3 ක් වූ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය ඔක්තෝබර් මාසයේදී සියයට 1.5 ක් දක්වා වැඩි වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.නමුත් ආහාර උද්ධමනයේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේදී කිසිඳු වෙනස් වීමක් සිදුව නොමැත.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බර් මාසයේ 4.7 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේදී සියයට 4.9 දක්වා වැඩි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd