
(යොහාන් භාසුර)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සම්මානනීය රංග ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය රඟපෑමක් යැයි ප්‍රසිද්ධවීමත් සමඟ යුරෝපා රටවල් රැසක් සහ ඇමෙරිකාව මෙරට පුරවැසියන්ට වීසා නිකුත් කිරීමේදී දැඩි පිලිවෙතක් අනුගමනය කරන බව වාර්තා වේ.
ඇමෙරිකාව, කැනඩාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල්වලට වීසා ඉල්ලුම් කරන ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට වීසා ගැනීම සඳහා සති ගණනාවක් බලා සිටීමට සිදුව ඇති බවත් මෙරට පවතින ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු හේතුවෙන් බොහෝ පුද්ගලයන් සංචාරක වීසා මස විදේශගතව දේශපාලන රැකවරණ ඉල්ලා සිටින බවත් දැනගන්නට තිබේ.
එම තත්වය පිළිබඳව අවදානය යොමු කර වීසා නිකුත් කිරීමේදී දැඩිව විමසිලිමත් වන ලෙස ප්‍රධාන රටවල්වල තානාපති කාර්යාලවලට උපදෙස් ලැබී ඇති බවත් දේශපාලඥයන්, ඔවුන්ගේ දරුවන් සහ ඥාතින් වීසා ඉල්ලුම් කිරීමේදී දැඩිව සොයා බලන ලෙස උපදෙස් දී ඇති බවත් පැවසේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය මූලිකරගෙන ඒ මහතා කැනඩාවට ගොස් එරට දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණා අම්මාන්ට හොර පාස්පෝට් එකක් හදලා දීලා UK වලට එව්වේත් රටේ පාලකයා? තවත් මොනවාද?
මේ රටේ ඉන්න අයට විතරමයි මෙහෙම පිස්සු නාඩගම් නටන්න දන්නේ... මේවගේ ජරා ජාතියක් ලොවෙත් නැහැ.
ඔය වීසා ප්‍රශ්නෙ හැමදාම තිබුණා. හැබැයි සිංහලයාට විතරක්...
2019 දී ගැලුව මහ දේශපාලන ගංවතුරට ගසාගෙන ආව හිස් ටින් පොල් කෝම්බ වලින් එකක් මේ, එයාගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
ඇයි එතකොට මුට ජන්ද දුන්නේ අපුර මිනිස්සුත් අමාරුවෙි වැටිලා ඉන්නේ
පොහොට්ටුවෝ ගෑවුන තැනක් ඇත්නම් එතැන වෙන්නේ රටටම අපකීර්තියක්, විනාශයක්.. නොදකිං
ඒ විතරක් නෙවෙයි මේ මිනිහ නළු නිළියන්ට ආයේ දේශපාලන වේදිකාවක් පැත්තටවත් එන්න බැරි තැනට වැඩ කළා. මේ වගේ බොළඳ අයව පාර්ලිමේන්තු එවන්න තරම් මිනිස්සු මෝඩ වුණානේ...
මෙයාව කුදලාගෙන විත් හිරේ දැමීමට ජාජබ රජයක් යටතේ ක්‍රියාකරනු ඇත. හොරුන් ඇල්ලීමේ අපගේ මාලිමා යාන්ත්රනයට අනුව, ජාජබ බලයට පැමිණි පසු හිර ගෙවල්වල නොසිටිනු ඇත්තේ කිසිඳු හොරකමක්, වංචාවක් නැති, අති පාරිශුද්ධ, ඇල් වතුරත් නිවා බොන අපගේ ජවිපේ සාමාජික කාඩරය පමණක් විය හැකි බව ආඩම්බරයෙන් කිව හැකියි...
දේශපාලකයන්ට වීසා නීති දැඩි කළාට කමක් නැහැ. සාමාන්‍ය ජනතාව දුක් විඳින එකයි ගැටළුව... දේශපාලකයින් නිසා මේ රටේ විතරක් නොවෙයි පිටරටකට ගිහිල්ලා ඉන්නත් නැහැ... පුදුම කාලකණ්නි හැත්තක්...
අනේ මන්දා උද්දික වගේ කෙනෙක් තමන්ගේ රට දාලා බොරුකරලා වෙන රටකට පැන්නේ මොනවා ගන්නද? එහේ ගිහින් රඟ පාන්නද? දැන් ඔය බොරුව ඒ රට දැන. ගත්තාම එළවලා දායි. රෙදි පොට්ටනියත් අරන් එන්න තමයි වෙන්නේ...!
ඔන්න ඔය මිනිහා එලවලා දාන්න තානාපතිතුමෝ, හරි අයට වීසා දෙන්න...
අපේ අන්රයියාට නම් එහෙම නැහැ. වීසා ඉල්ලුව ගමන් දෙනවා. එයාලා දන්නවා අන්රයිය බටහිරටයි කොටින්ටයි සපෝට් කියලා.
මෙතන ජාතික ගැටලුවක් ,ඒත් ජවිපෙ භීතිකාව ගහපු මානසිකව වැටිච්ච දෙතුනන් දෙනෙක් බුරනවා. මොකද මේ වරද කලේ තමන්ලම පත්කරපු අය,ඒක නිසා ගලේ පැහැරපු බලල්ලු වගේ ඔහේ කියවනවා. මේ අය තමයි දුටුගැමුණු චරිතය රඟ පෑවට දුටුගැමුණු කියල හිතල පාර්ලිමේන්තු යැව්වෙ.
ජාතික ජනබලවේගය යටතේ මෙවන් බොරු රඟ පෑම් කළ නොහැකි බව මෙතන ජවිපෙ භීතිකයන්ට කාරුණිකව දන්වමු
රටත් කාගත්තා මදිවට අපිවත් කෑවා. මූට වැහි නැතිව හෙණගහන්න ඕනේ.
අහිංසක දේසපාලුවන්ට යන්න පාර හදලා දේන්න