(යොහාන් භාසුර)
උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළඳපොල තුළදී වියහැකි අසාධාරණකම් වැලැක්වීමට සහ ඇතිවිය හැකි ගැටලු මග හැරවීමට අනිද්දා (30) සිට ජනවාරි මස 15 වැනිදා දක්වා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
ඒ අනුව එම කාලය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් විශේෂ වැටලීම් කරන බවත් පාරිභෝගික පැමිණිලි වෙතොත් පාරිභෝගික කටයුතු අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු දෙන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
සමස්ත රටම ආවරණය වන පරිදි සියලු දිස්ත්‍රිකයන්ට අනුයුක්ත කර ඇති පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් වැටලීම් සහ විමර්ශන කටයුතු සදහා යොමු කර ඇති බවත් උත්සව සමයේදී පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිලදීගන්නා ඇදුම් පැලදුම්, කල්පවත්නා භාණ්ඩ, විදුලි උපකරණ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළඳසැල් පිළිබදව වැඩි අවධානයක් යොමු කරන බවත් එම අධිකාරිය කියයි.
ජංගම වෙළදුන් සහ සේල් වැනි ක්‍රියාකාරකම් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ විශේෂ අධීක්ෂණයකට ලක්කරන බව කියන එම අධිකාරිය රට පුරා ප්‍රධාන තොග අලෙවිසැල් සහ ගබඩා පරීක්ෂා කිරීම සහ වැටලීම් ක්‍රියාත්මක කරන බව ද කීය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උත්සව සමයේදී පාරිභෝගිකයා රකින වැඩසටහන අනිද්දා සිට