
(මහින්ද නිශ්ශංක)
එළඹෙන උත්සව සමය වෙනුවෙන් සම්බ සහල් මෙට්‍රික් ටොන් 50000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
දෙසැම්බර් 10 - 12 පමණ වනවිට වෙළෙද පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන මෙම සම්බ සහල් පාලන මිලට ලංකා සතොස, සමූපකාර හා සුපිරි වෙළෙඳ සැල් හරහා පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට සැළසුම් කර ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
උත්සව සමයේදී පාරිභෝගිකයන්ට අවශ්‍ය සම්බ සහල් හිගයකින් තොරව ලබා දීම සම්බ සහල් ආනයනය කිරීමේ අරමුණ බවත් සම්බ සහල් ආනයනය කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් සභාපති ආසිරි වලිසුන්දර මහතා කීය.
මේ වනවිට වෙළෙද පොළේ සම්බ සහල් හිගය තිබෙන බවත් ඇතැම් වෙළෙදුන් සම්බ සහල් සගවා ගෙන වැඩි මිලට අලෙවි කරන බවද පාරිභෝගිකයෝ පවසති.
සම්බ සහල් කිලෝවක් අලෙවි කළ යුතු පාලන මිල රුපියල් 230 ක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳ ඇමතිගේ කල්ල මරේ...!
මුදලාලිට හාල් ටික හංගන්න ඉඩදීලා... පිටරටින් හාල් ගෙනාවා. 2048 තමයි හංගපු හාල් එළියට ගන්න වැඩ පිළිවෙළක් හදන්නේ.. එතකන් මෙහෙම කරගෙන යමු අපි එක්වී.