(රංජන් කස්තුරි)
උතුරේ පැවැති සන්නද්ධ ගැටුම් හේතුවෙන් වින්දිතයන් වූ පුද්ගලයනට යුක්තිය ඉටු කිරීමට ඇති විශාලතම බාධකය වී ඇත්තේ ඊට දේශපාලන කැපවීමක් නොමැති බව යැයි දීප ව්‍යාප්තව සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇත.
එම සමීක්ෂණයට අනුව සන්නද්ධ ගැටුමේ වින්දිතයනට යුක්තිය ඉටු කිරීමට ඇති ප්‍රබලතම බාධකය වී ඇත්තේ දේශපාලන කැපවීමක් නොමැතිවීම යැයි ද සියයට 29ක් දෙනාගේ තමය වූ බව ද එම වාර්තාවේ සඳහන් වේ.
වින්දිතයන්ට යුක්තිය පසිඳලීමට නොහැකි වී ඇත්තේ රටේ පවතින දූෂණය, අස්ථාවර ආර්ථිකය යැයි සියයට 13 කගේ අදහස වී තිබූ අතර සියයට 11ක් සඳහන් කර ඇත්තේ දේශපාලන බලපෑම,දේශපාලන මැදිහත්වීම නිසා එය ඉටු නොවන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වාර්ගික යුද්ධයම දේශපාලනික අවශ්‍යතාවයක් මත සිදු වූවක් බැවින් වින්දිතයින්ට සාධාරණයක් ඉටු නොවීම පුදුම සහගත නෑ. යුද්ධය නිමා වීමත් සමග යන එන මං අහිමි වූ දේශපාලකයින් බොහොමයි. යුද්ධය තමයි ඔවුන් බලයේ සිටීමට තිබූ එකම හේතුව. දැන් මේ වන්දි ලබා දීම ප්‍රමාද කරමින් ජනතාව අතර නැවත නොසන්සුන් කමක් ඇති කරමින් මේ යන්න හදන්නේ කොහේටද?