IMG-LOGO

උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළැස්මක්

(යොහාන් භාසුර)

මුදල්, කර්මාන්ත සහ ධීවර යන විෂයන් ඇතුළත් අමාත්‍යංශ එකතුව උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළසුමක් සහ ආයෝජන රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

කර්මාන්ත සංවර්ධන හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු පසුගියදා කන්කසන්තුරේ කර්මාන්තපුරය නිරීක්‍ෂණය කළහ.

උතුරු පළාතේ දැනට අක්‍රීයව පවතින රාජ්‍ය ආයතන කීපයක් නැවත සක්‍රීය කිරීමට සහ අක්‍රීයව පවතින සිමෙන්ති කර්මාන්තශලාව ඇතුළු ව්‍යාපෘති කීපයක් එහිදී අමාත්‍යවරු නිරීක්‍ෂණය කළහ.

අලිංකඩ ලුණු කර්මාන්ත ශාලාව නිරීක්‍ෂණය කළ අමාත්‍යවරු පළමු වරට රාජ්‍ය සංස්ථාවක් හරහා අයඩින් මිශ්‍ර ලුණු නිෂ්පාදනය කිරීමේ තාක්‍ෂණය සමඟ එම කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීමට උපදෙසස් දුන් අතර කන්කසංතුරේ සහ මාන්කුලම් යෝජිත කර්මාන්ත පුරය සහ පරන්තන් රසායනික ද්‍රව්‍ය කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීම සඳහා ද මෙහිදී සාකච්ඡා කළහ.

අක්‍රීයව තිබූ ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්තශාලාවේ නිෂ්පදන කටයුතු ද මෙම නිරීක්‍ෂණ චාරිකාව අතරතුරදී නැවත ආරම්භ කිරීම ද කැපී පෙණේ.

 



අදහස් (4)

උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළැස්මක්

Hilmi Monday, 10 March 2025 05:53 AM

මෙන්න මේවයි අපේ රටට විවෘත විය යුතුය. බුරන එකා බිරුවදෙන් , අමාත්‍යතුමනි, ඔබලාගේ වැඩ සාර්ථකව කරගෙන යන්න.

:       2       4

රුවන් Monday, 10 March 2025 06:03 AM

ලංකාවේ සක්‍රීය හැලජන, ක්ෂාරීය ලෝහ නිෂ්පාදනය මෙච්චර කල් උතුරේ දකුණේ නිෂ්පාදනය නොකරපු හින්දා රටින් එලියට ඩොලර් බිලියන ගානක් ගිය එක නවතිනවා. රසායනික නිෂ්පාදනය කර්මාන්තයට හොද අනාගතයක්.

:       1       3

ගුණරත්න Monday, 10 March 2025 07:24 AM

හැමදාම නිරීක්ෂණ චාරිකා විතරයි, සැලසුම් නම් ඉතින් ඡන්ද ඉල්ලන කාලේ ඉඳලම හදපු සැලසුම් තියෙනවා, එත් වැඩ නම් බින්දුවයි. අර වී ගබඩා හදල වී කොපමණ දැන් එක්රැස් කරගෙන තියෙනවද?

:       2       9

Cham Monday, 10 March 2025 12:33 PM

වැඩ ටික හොදින් හරියට කරන්න. රටට ඕනේ එච්චරයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 51 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1603 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1716 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site