(අංජුල මහික වීරරත්න)
උතුරු නැගෙනහිර පළාත්වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කුඹුරු ඉඩම් වගාව සඳහා නැවතත් ගොවි ජනතාවට ලබා දීමට කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
මුලතිව් දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිත කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.
දැනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇති උතුරු නැගෙනහිර පළාත් වල කුඹුරු ඉඩම් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා ගොවි ජන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
එමෙන්ම වන සංරක්ෂණයට පවරා ගෙන ඇති ඉඩම් මෙම යල කන්නයේ මෙන්ම ඉදිරි මහ කන්නයේ ද වගා කිරීමට හැකි වන පරිදි කඩිනමින් ගොවි ජනතාවට දීම සඳහා කටයුතු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති කවුරුන් උවද, ඔවුන් මොනවා කීවද ජනතව ඔවුන් කියන කිසිවක් පිළිගැනීමට සුදානම් නැත. රැවටීමට අවසානයක් තිබිය යුතුවේ. ජනතව බලාපොරොත්තුවන්නේ සැබෑ වෙනසකි.
අමති තුමනි අපට තිබෙන ප්‍රශ්නෙ වවන්න ඉඩම් නැති එක නොවේ , පොහොර , වල් සහ පලිභොද නශක නොමතිකම , වන සතුන්ගෙන් වා වලට වන හනියෙ , ගොවියන් විසින් නිපදවන එලවලු පලතුරු කල් තබගනිමට සහ බෙදාැරිමට නිසි යන්ත්‍රනයක් නොමති කම නිස ගොවියන් අතරමැදි ූට වෙලදුන්ගෙ ග්‍රහනයට හසු විම , දැනට රජයෙන් වටුප් ලබන ගොවිජනසෙව අයතන වල් ්ය කරන රජයෙ සෙවකයන්ගෙ කර්යක්ශමතවය 10-20% අතර පවති , පොහොර හිගය නිාසා වාව අපහසු වුනත් , එලවලු ටිකකවත් ගෙවත්තේ වග කිරිමට ජනතවට කබනික පොහොර ටිකක් හෝ හදා ගනිමට ජනතව දිරි ගන්විමට නිසි ප්‍රයොගික වඩ පිලිවෙලක් නොමත , මම කලින් සදන් කල ප්‍රශ්න විසදන්නෙ නතිව වනසංරෂිත වල වවන්න් කිව ගමන් වන ජවරම් කරයො ගස්ටික කපල විකුන ගෙන , කැලයට ගිනිතබල දමල නිකම් සිටිති , බොහොවිට මෙවනි ජවාරම් කරන්නෙ ඔබ වනි අමතිල
ඕවා ආපහු ගන්නවා නම් බොරු... ආහාර අර්බුදය පිටින් දාලා කැලෑ ඉඩම් ටික විනාශ කරන්නයි යන්නේ..!
ඒ කියන්නේ රට උතුරට හා නැගෙනහිරට සින්නක්කර වුණා කියලනේ...! කමක් නෑ.... වීසා ගන්න ඕනෑවෙයිද ඒ පැතිවලට යනකොට...!
මාතෘ භූමියෙන් තුනෙන් දෙකක් බෙදලාම දෙයි... ! දකුණේ කම්මැලියාට වෙච්චි දෙයක්...!